
(සුජිත් හේවාජුලිගේ )
සිනොපාර්ම් චීන එන්නත මෙරට වයස 60ට වැඩි පුද්ගලයන්ට ලබාදිය හැකිදැයි සෙවීමට වසංගත රෝග විද්‍යාඥයන් ඇතුළුවෛද්ය විශේෂඥයෝ කණ්ඩායමක් ලබන 18 වැනිදා අඟහරුවාදා රැස්වෙති .
සිනොපාර්ම් එන්නත මේ වයස් කාණ්ඩවල අයට ලබා දිය හැකි දැයි සොයන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට පසුගියදා දැනුම් දුන්නේය .
ඊට අදාළ පර්යේෂණ වාර්තා ද මේදිනවල අධ්‍යයනය කරගෙන යන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති .
සිනොපාර්ම් එන්නත මෙරට ජනතාවට ලබා දීම පසුගියදා ආරම්භ කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක විදල ඉවරයිනේ. දැන් මොන විමර්ශනද?
දැන්ද ස''ට මතක් උනේ 60 වැඩි ඇයොත් සිරි ලංකාවෙ ජීවත්වන බව...
මම දැක්කා කලක් නිහඬව හිටපු නීතිඥ මහත්තයෙක් කියලා තියෙනවා" ලංකාවේ ඉන්න චීන ජාතිකයින් ලක්ෂ 03කට චීන එන්නත දීලා ඉවරයි" කියලා. ලංකාවේ ඔච්චර දත් බඳින තැන් තියෙනවා කියලා දැනගත්තේ අදනේ....
මම ඉන්නේ බහරේන් වල.. මට වයස අවුරුදු 71යි. මම සිනොපාර්ම් එන්නත දෙපාරක් ගත්තා මාස 03කට පෙර.. එය ඉතා ආරක්ෂිතයි වගේම අතුරු ආබාධත් නැහැ.
බලන්න දෙයක් නෑ. දෙන්න පුළුවන්.. අවුලක් නෑ. මොකද තීරණ ගන්න අය මිනිස්සු දිහා නෙවෙයිනේ බලන්නේ.. ආණ්ඩුවේ බලය අරන් යන්න පුලුවන් නම් 60ට වැඩි අයට දෙන්න පුළුවන්... බැරි නම් ඕක විඳින්න බෑ. හරි සරල තියරිය...
දන්නා කෙනෙක් කියන්න මේ බෙහෙත පැනසිලින් ආසාත්මිකතා තියෙන අයට ගැහුවට කමක් නැද්ද.
ඇත්තටම අපිට එන්නත් වල අවශ්‍යතාවයක් නෑ. මෙච්චර කල් ඕක නැතුව මිනිස්සු මැරුණද? විපක්ශය තමයි බොරු බියක් ජනතාව අතර ඇති කරලා එන්නත් පිලිබඳ අවශ්‍යතාවයක් මතු කරේ. ඔවුන් දැන් පිටරට තානාපති වරු හමුවේ ද මේ පිලිබඳව ම කියනවා.
කරන පරීක්ෂණයක් කරහල්ලා ඉක්මණටම, මිනිස්සු සියල්ල මැරෙන්න කලින්..