(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතය නිසා ආර්ථිකයට වන හානිය හදා ගන්නනට හැකි නමුත් ජීවිතවලට වන හානිය හදා ගන්නට නොහැකි හෙයින් මෙි මොහොතේ රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීම බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
ඊළග සති කිහිපය තුළ කොවිඩ් වසංගතය මෙරට සීග්‍රයෙන් පැතිරෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සහ ලාංකික වෛද්‍ය විශේෂඥයන් පුරෝකතනය කර තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා රට වසා තබන්නැයි වෛද්‍යවරුන් කියනවා නම් ආණ්ඩුව එය කළ යුතුව ඇතැයි ද සඳහන් කරයි.
රටේ ආර්ථිකය හදන්නට නම් මේ මොහොතේ දී කළ යුතු පළමු කාර්යය රෝග ව්‍යාප්තිය නතර කිරීම බවද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
කොළඹ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ රනිල් වික්‍රමසිංහ මහතා මේ විශේෂ ප්‍රකාශය සිදු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මගෙ කට... ඔක්කොම මේ රට කෑවා 1948 සිට... රට හූරා කාපු අයට වැසි නැති හෙණ ලැබේවා..!!!
ආර්ථික ඔස්තාර්.. හා හා හා...!!!
මේ වගේ වෙලාවකවත් අර පරණ ඡන්දවලට සිංගප්පූරුවෙන් ගත්තු ණය පියවන්න මහබැංකුවෙන් පිල්ලි ගහපු සල්ලි වලින් කොටහක්වත් ආපසු දුන්නා නම් මොකද?
මොකද මේකට වීඩියෝ තාක්ෂණය භාවිතා කළේ...? සාමාන්‍යයෙන් අර යහළු ප්‍රජාව එක්කලා එහෙම කතා කරන්නේ වයිබර් තාක්ෂණයෙන් නේද?
ඔන්න මමත් දැන් මොන මොනවා හරි කියවනවා....
ඔයාට ඒ එකක්වත් ආරක්ෂා කරගන්න බැරිවුණානේ...
ඊළග සති කිහිපය තුළ කෝවිඩ් වසංගතය මෙරට සීග්‍රයෙන් පැතිර ගොස් ඇත. ජනතාවට මෙම වෛරසය වැළඳුණු සැණින්ම මරණයට පත්වන්නේ නැත. නමුත් වූහාන් සිට ආරම්භ වූ වූ මෙම වෛරසය මේ වනවිට විවිධාකාර ආකාරයෙන් වෛරසය ශක්තිමත්ව ලොවපුරා පැතිරෙමින් පවතී. ඉන්දියාවේ පවතින වෛරසය අනෙක් වෛරස ප්රබේදවලට වඩා ශක්තිමත් බව සහ පැතිරීම සහ ඉක්මණින්ම රෝගිවන බව සොයාගෙන ඇත. මේ වනවිට කැනඩාව සහ ඇමෙරිකාව දෙවන එන්නත සැප්තැම්බර් වලට පෙර ලබාදී අවසන් කිරීමට සූදානමින් සිටියි. pfizer biontech { RNA } ( US / German ) එන්නත සහ ඇමෙරිකාවේ නිපදවන Moderna { m RNA } එන්නත සාර්ථක වීම සහ after effects ඉතාම අඩු වීම නිසා කැනඩාව සහ ඇමෙරිකාව මම එන්නත් ඔවුන්ගේ රටවලට ලබාදෙමින් තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ එම එන්නත් මෙතෙක් අනුමත කොට නැත. රටේ ජනතාව දැනුවත් කළයුතු වන්නේ හැකිතාක් දුරට දුරස්ථ බව සහ මුව ආවරණ පැළඳ සිටීමට වේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන ආකාරයට ලංකාවට pfizer biontech හෝ Moderna එන්නත ලබාගැනීමට කරුණු කිහිපයක් නිසා දුෂ්කර වී ඇත. පළමුව ලංකාවේ රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ එහි සිටින්නා වූ නිලධාරීන් විසින් කරන්නා වූ බටහිර විරෝධී ප්‍රකාශයන් සහ රජයේ නායකයන් එම රටවල් සමඟ කිසිදු ධනාත්මක මිත්රත්වයයක් නොපැවැත්වීම මෙයට ප්‍රධානතම හේතුව වේ. එම නිසා ලංකාව යුරෝපිය රටවල් සහ ඇමෙරිකාවනු විරෝධී චීනය සහ රුසියාවෙන් අනුමත නොකළ එන්නත් ලබාගනිමින් ඇත. රටේ ජනතාව කලබල වී චීන සහ රුසියානු එන්නත් ලබාගත්තද කිසිවකුට එම එන්නත් පිළිබඳව දැනුවත් කිරීමක් නැත. රජය මේ වනවිට හිරවී කළයුතු දෙයක් නොමැති වීම නිසා අනුමත නොකරනලද එන්නත් ලබාදේ. මේ පිළිබඳව මෙම රජය පත්කිරීමට නායකත්වය ලබාදුන් මහනායකවරුන් ජනතාව දැනුවත් කළයුතුවේ.
එයට හේතුව නම් ලෝකයේ යමක් කළහැකි ඇමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් සහ යුරෝපිය රටවල් සමග තිබෙන්නවූ බටහිර සහ ඇමෙරිකානු විරෝධී පිළිවෙත නොතිබුනේනම් කෙසේ හෝ pfizer biontech හෝ Moderna පළමු එන්නත හෝ ලංකාවට ලබාගැනීමට හැකියාව තිබිණි. ජනතවට කලබලවී නොදන්නා එන්නත ලබගන්නවට වඩා pfizer biontech හෝ Moderna පළමු එන්නත හෝ ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරනලෙස රජයට බලපෑම් කලයුතුවේ. බටහිර රටවල් සමග අමනාපවී කිසිදු වාසියක් ලබාගැනීමට නොහැකිබව රටේ ජනතාවට පැහැදිලි කලයුතුව ඇත. මේ වනවිට ලංකාවේ සහ ලෝකයේ ඇති බහුතරයකට covid වලදී ඇතත් ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියෙහි ක්‍රියාකාරීත්වය නිසා එතරම් බලපෑමක් ඔවුන්ට නැත.
කරන කරවන කෙනෙක් නෑ පුද්ගලයෙක් කරන දෙයක් විදියට තමයි සමාජය වසංගත රෝග තත්ත්වය ගැන බලන්නේ හිතන්නේ මොන රෝගය හැදුනත් ඒ රෝග සෑදීම මරණය ට හේතුවක් වගේම පෙනුණට, ඇත්තටම එහෙම නෑ රෝගී වීම එකක් මරණය තව එකක් දෙක අතර ඇත්තටම සම්බන්ධයක් තියෙනවා වගේ පෙනුනට ඇත්තටම නෑ උදාහරණයක් විදියට ගත්තොත් පෙර භව සංසාරයේ දී ප්‍රාණඝත අකුසල් පව් නිසා අඩු වයසින් මැරෙන්න කොතරම් පොහොසත් නිරෝගී උගත් නුගත් බලවත් අසරණ ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව සෑම කෙනෙකුටම මරණයෙන් බේරෙන්න බෑ නමුත් පෙර භව සංසාරයේ දී ප්‍රාණඝත අකුසල් පව් නොකළ අයට කොහෙත්ම අඩු වයසින් මැරෙන්න වෙන්නේ නෑ පුර්ණ ආයුෂ ලැබෙනවා කොතරම් දුප්පත් නුගත් දුර්වලතා තිබුනත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔව්වා ඔක්කොම මතක් වෙන්නේ පැරදිලා ගෙදරට වෙලා ඉන්න කොට තමයි
88/89 තාලෙ ජන ජීවිතය අමකත වෙන්න ඇති
බැඳුම්කරයකින් වෙන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතිව කියපු දේවල් පිලිගත්ත මිනිස්සු, දැන් ඔබතුමාගේ වටිනාකම තේරුම් ගනිමින් සිටිනවා.
මේ වනවිට රට පත්ව තිබෙන්නවූ බයානක තත්වය තේරුම් ගැනීමට සහ එම අසීරු තත්වයට යථාර්ත්වදිව මුහුණ දීමට නොහැකි බව රජය මේවන විට මුළු රටටම ඔප්පු වී ඇත.
කයිය විතරයි.
"කෙසේ වෙතත් කෙනෙකු කරදරයට පත්වූවිට ඔහු මිත්‍රයෙක්ද තරහකරුවෙකුද යන්න සොයමින් උදව් කිරීමට එන්නේ මිනිසුන් නොව තිරිසනුන් බව නොතේරෙන්නේ සූත්තරයත් එසේ නිසා බැවිනි." නියමයි, ඔය කියන්නෙ සිංහල මිනිහා ගැන නේද?
අපි දැක්ක 2015-2020 කාලේ ජන ජීවිත ආරක්ෂා කල හැටි. අනේද කියන්නේ
බණ්ඩාර ඔයා හොඳට පත්තර ලිපි කියවන්න.. හැබැයි කණ්ණාඩි 02 ගලවලා.