(ඩයනා උදයංගනී)
බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (15) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම දිවයින් හරහ තරමක තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්‍තුව සඳහන් කරයි.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකිබව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වැඩි වැසි ඇති වන බවද එම ප්‍රකාශකයා කීවේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd