(රන්ජන් කස්තුරි)
බස්නාහිර පළාතට අමතරව ඉදිරියේදී මහනුවර,කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ජනතාවට ද කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.
වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ද ඇමැතිවරිය පැවැසුවාය.
බස්නාහිර පළාතේ පුද්ගලයන් ලක්ෂ 11කට මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ද වන්නි ආරච්චි මහත්මිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පිටපළාත්වල ඉන්නේ මිනිස්සු නෙමේද? ඉදිරියේ යවන්න දෙයක් නැහැ දැන්ම යවපල්ලා...
ලෙඩා කැමැති නම් කසාය දෙන්න.
ඡන්දේ ඉල්ලන්න පහුවෙලාම ආවනම් හොදයි
එන්නත මුලින්ම ලබා දිය යුත්තේ මහල් නිවාස, වතු හා ධීවර ජනතාව වැනි අවධානම් කාණ්ඩායම් සඳහාය. ඔවුන් අවධානම පිලිබඳ අවබෝධ අඩු සහ පහසුකම් අඩුකම නිසා පැතිරීම වැඩි විය හැකි නිසා වැඩි අවධානයක් ඔවුන්ට දියයුතුම වේ.
පසුගිය දිනවල වැඩිම ආසාධිතයින් වාර්තා වෙච්ච දිස්ත්‍රික්ක අතර ගාල්ල ඉදිරියෙන්ම ඉන්න දිස්ත්‍රික්කයක්, ඇයි ගාල්ලට දෙන්නේ නැත්තේ. ඔය කියන දිස්ත්‍රික්ක තුනටම වඩා දැන් ගාල්ලෙන් ආසාධිතයින් වාර්තා වෙනව ගොඩක් දවස් වල, අඩුම ගානෙ අර මරව මරව වැඩ ගන්න නිදහස් වෙළඳ කලාපෙ අයට වත් දෙන්න, පින් සිද්ධ වෙයි.
ආ......දකුණු පළාතේ කොවිඩ් රෝගීන් නැහැ.... බෙහෝම සතුටුයි...... ඇයි මේ දකුණ වහගෙන ඉන්නේ .....ඉස්කොලත් අරින්න පුළුවන්නේ......