කොරෝනා ආසාදිතයන් 498 කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 498 දෙනකු අද (2) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 02 November 2021
සතියට හැඳුනුම්පත් 6000ක් නිකුත් කරයි ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවයෙන් පසුගිය සතියේ පමණක් ජාතික හැදුනුම්පත් 6000 කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කළ බවත් දිනක ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සාමාන්‍ය 1200 ක් පමණ වන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ‘ලංකාදීප’යට පැවසීය. 02 November 2021
අය - වැයේ පාට කියයි සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි. 02 November 2021
දුම්රිය මඟේ කේබල් කැපීම ගැන පොලිසියටත් කියයි දුම්රිය සංඥා පද්ධතියේ ප්‍රධාන කේබලය කැපීමේ සිද්ධිය පිළිබඳව කැලණිය පොලිසියට පැමිණිළි කළ බවත් එම සිද්ධිය පිළිබඳව දුම්රිය ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 02 November 2021
කොවිඩ් මරණ 10ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 November 2021
විදුලි සේවකයෝ යුගදනවි ගිවිසුමට එරෙහිව උසාවි යති කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් අමෙරිකාවේ නිව් ෆෝට්රස් නැමැති සමාගමකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා වෘත්තීය සමිති අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 02 November 2021
තෙල්,විදුලිය,වරාය සේවකයෝ හෙට විරෝධයේ රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඛනිජතෙල් විදුලිය සහ වරාය සේවකයෝ හෙට දැවැන්ත විරෝධතාමාලාවක් පවත්වති. 02 November 2021
රවී කුමුදේශ්ගෙන් චෝදනාවක් අවිධිමත් ලෙස තෝරාගත් සේවාවන් කීපයකට පමණක් වයස අවුරුදු 63 වනතෙක් සේවා දිගු ලබාදීමෙන් රාජ්‍ය සේවාව බරපතල අර්බුදයකට ලක්ව ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. 02 November 2021
“උද්ඝෝෂණය කළාට ලයිට් කපන්නෙ නෑ’’ ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය හෙට (3) කොළඹදී පවත්වන උද්ඝෝෂණය හේතුවෙන් කිසිවිටකත් විදුලිය බිඳ වැටීමක් නොවන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ නියෝජිත චරිත ජයනාත් මහතා අද (2) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 02 November 2021
විදුලි විරෝධය නවතන්නැයි පොලිසියේ ඉල්ලීම ඉවතට ලංකා විදුලිබල සේවක වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයන් කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට මාර්ගයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයෙන් මහජන පීඩාවක් ඇතිවන බැවින් එය නවතා දමන ලෙසට ආඥාවක් නිකුත් කරන්නැයි වැල්ලම්පිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය. 02 November 2021
සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් පාස්කු ඉරුදින දින ප්‍රහාර සිද්ධියෙන් විපත පත් වූ සම්බන්ධයෙන් සූම් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී තමා සිදු කළ ප්‍රකශයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් විසින් අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 02 November 2021
පාඨලීගේ අනතුරු නඩුව 30 විභාගයට රිය අනතුරක් කර පලා යාම අන් අයකු වෙනුවෙන් පෙනී සිටීම සහ අපරාධ නඩුවක තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඔහුගේ රියදුරාට සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහි නඩුව ලබන 30 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහත අද තීරණය කළේය. 02 November 2021
බකමූණ ගොවි උපවාසය අවසන් කරයි රසායනික පොහොර ඉල්ලා දින දහයක් පුරා ඇලහැර හා මොරගහකන්ද ගොවිජන ව්‍යාපාර වල ගොවි සංවිධාන 41 ඒකාබද්ධව බකමූණ නගරයට ආසන්නව සිදුකළ අඛණ්ඩ උපවාසය පොලොන්නරුව ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම්කට අනුව අද අවසන් කළේය. 02 November 2021
මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි කොළඹ සරසවියේ කුලපති ධූරයට කොළඹ විශ්ව විද්‍යාලයේ නව කුලපති ධූරයට මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන් පත්කර ඇත. 02 November 2021
මෝදි - ගෝඨා හමුවක් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී මේවන විට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක නායක සමුළුව අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඇත. 02 November 2021
පාස්පෝට් ගන්න දිගු පෝලිම් විදෙස් ගමන් බලපත්‍රය එක් දින සේවාව යටතේ ලබාගැනීමේ අරමුණින් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත අද (02) දිනයේත් දහස් ගණනක් ජනතාව පැමිණ පෝලිම් ගැසී සිටින අයුරු දැකගතහැකි විය. 02 November 2021
තැන් තැන්වල බූමිතෙල් පෝලිම් බදුල්ල සමූපකාර ඉන්ධන පිරවුම් හලෙන් බූමිතෙල් මිළදී ගැනීමට ජනතාව අද (2) උදේ සිට පෝලිමේ රැදී සිටියහ. 02 November 2021
හත්දොහේ දානෙට ගිය 12කට කොරෝනා අත්තනගල්ල ගොඩගම ගම්මානයේ මියගිය අයකු වෙනුවෙන් පැවැති හත් දවසේ දානයකට සහභාගි වූ එම ගම්මානයේ නිවාස හයක දොළොස් දෙනකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය. 02 November 2021
නීතිපතිගේ තීරණය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම 10 සලකා බලයි හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අතුරුදන්වූ තරුණයන් ගේ මව්පියන් හතර දෙනකු ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිලිබඳ නියෝගය නොවැම්බර් මස 10 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය අද (02) නිවේදනය කළේය. 02 November 2021
’’අපි හැමෝම එක රෑනක සිටිය යුතුයි’’ දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ සියලු පක්ෂ එක රෑනට එකට සිටිය යුතු බවත්, ඒ සමඟිය රැකීම ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීමක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 02 November 2021
“ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ක්ෂණයකින් නැති කළා’’ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ගොඩනගා ගෙන තිබූ කීර්ති නාමය ක්ෂණයකින් අවසන් කිරීමට වත්මන් ආණ්ඩුව ගෙවුණු දින කිහිපයේදී කටයුතු කළ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 02 November 2021
“පළාත් පනින්න එන්නත් කාඩ්පත අනිවාර්ය කරන්න’’ පළාතකින් පළාතකට යද්දි එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බව සහතික කෙරෙන එන්නත් කාඩ් පත ළඟ තබාගැනීම ජනතාවට අනිවාර්ය කරන්නැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා රජයට යෝජනා කරයි. 02 November 2021
සජබෙන් නීතිපතිට ලිපියක් ආණ්ඩුව පත්වූ දින සිට මේ දක්වා සිදු කළ නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නීතිපතිවරයා වෙත අද (02) ලිපියක් භාර දෙනු ලැබීය. 02 November 2021
“අලුත් කොවිඩ් මාරයා රටට එන්න පුළුවන්’’ කොරෝනා මර්දන එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන ඒ 30 කොවිඩ් වයිරස ප්‍රභේදය රටට ඇතුළු වීමේ බරපතළ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය . 02 November 2021
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය ඇරඹෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාග් ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී අද (2) උදෑසන 10.00ට ආරම්භ විය. 02 November 2021
කල්ගිය විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කරයි පසුගිය වර්ෂයේ දී පැවැත්වීමට තිබී කොවිඩ්වි වසංගත තත්වය හේතුවෙන් කල්ගිය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ. 02 November 2021
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැම්මැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එපික් ලංකා ටෙක්නොලොජීස්’ ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේෂ් බුද්ධික සී. රාගල මහතා නියෝග අද (02) කළේය . 02 November 2021
පළාත් පහකට දිස්ත්‍රික්ක දෙකකට තද වැසි බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල්ත් ඇතැම් ස්ථානවලට අද (2) දිනයේත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 November 2021
වාහනවලට නොම්බර් හදා අමාරුවේ වැටේ කිලිනොච්චිය කනගපුරම් ප්‍රදේශයේ පවත්වාගෙන ව්‍යාජ අංක තහඩු සකස් කිරීමේ ස්ථානයක් වටලා ව්‍යාජ අංක තහඩු සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 02 November 2021
‘‘දුම්රිය මහා නිධානයකට පයින් ගහලා‘‘ දුම්රිය දෙපාර්තමේන්තුව පළමු පන්තියේ භාණ්ඩ වර්ගවලින් (දුම්රිය ආඥා පනතේ බීඋපලේඛනයේ සඳහන් )සියයට අසූවක්ද දෙවැනි පන්තියේ භාණ්ඩවලින් සියයට සියයක්ද අතහැර දැමීම නිසා උපයාගත හැකි විශාල ආදායමක් අහිමි වී ගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ(කෝපා) වාර්තාවක සඳහන් වේ. 02 November 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 16 hours ago