කලාභූෂණ රාජ්‍ය සම්මාන උළලේදී... 36 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (03) පැවැත්විණ. 03 November 2021
ගෑස් නැතිව විදින දුකක් මේ දිනවල රටපුරා පවතින ගෑස් හිගය හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවයකට පත්ව සිටිති. 03 November 2021
කුඩු කිලෝ 300 සිද්ධියේ යාත්‍රා හිමිකරුට ඇප ජාත්‍යයන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙමින් හෙරොයින් කිලෝ 300 ක් ගිනි අවි සහ පතුරම් ලංකාවට ආනයනය කිරීමට ආධාර අනුබල දුන්නැයි සැකපිට රිමාන්ඞ් බාරයට සිටි මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බව කියන ටෝලර් යාත්‍රාවේ හිමිකරු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කළේය. 03 November 2021
හෙද සංගමයත් විරෝධයේ ඉල්ලීම කිහිපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා හෙද සංගම සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (03) පැවැත්විය. 03 November 2021
සිරිල් ගාමිණි පියතුමන් අදත් සී.අයි.ඩී නොඑයි රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිටි සිරිල් ගාමිණි පියතුමා අද දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොපැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි. 03 November 2021
දිස්ත්‍රික් කීපයක කොරෝනා ඉහළයයි සමහර දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 03 November 2021
සිරකරුගේ පාවහන් යුගලයේ හලෝ හතරක් පාවහන් යුගලක් තුළ සූක්ෂමව සඟවාගෙන ආ ජංගම දුරකථන 04ක් කළුතර බන්ධනාගාර තුළට රැගෙන ඒමට උත්සහ කළ සිරකරුවෙක් බන්ධනාගාර නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. 03 November 2021
සභාපති ඉවත් කළොත් මන්ත්‍රිවරුත් දැඩි තීරණයක වාරියපොළ ප්රාදේශය සභා සභාපතිවරයා යම් හෙයකින් තනතුරින් ඉවත් කළහොත් තමන් ද තනතුරුවලින් ඉවත්වන බවට වාරියපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩුකාරවරයාට අද පෙරවරුවේ දැනුම් දුන්හ. 03 November 2021
අයවැයට මැතිසබයේ ආරක්ෂාව වැඩි කෙරෙයි පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව අයවැය කාලයේදී වැඩි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. 03 November 2021
මාධ්‍යවේදී අතුල බණ්ඩාර දිවියෙන් සමුගනී වසර 20ක අධික කාලයක් ලංකාදිප මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස කටයුතු කළ අතුල බණ්ඩාර මහතා අද (3) උදෑසන හදිසියේ අභාවප්‍රාප්ත විය. 03 November 2021
ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල සුළු වශයෙන් පහළ ගිය ද එය දේශීය රත්තරන් මිල පහළ දැමීමට තරම් සැළකිය යුතු තත්වයක් නොවන බව හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ පවසති. 03 November 2021
යුගදනවි ගිවිසුමට එරෙහි සජබ පෙත්සම විභාගයට කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරයේ රජයේ කොටස් අයිතියෙන් සියයට 40 ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගමට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 12 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය. 03 November 2021
අහඹු පී.සී.ආර් වැඩි කරයි සංචරණ සීමා ඉවත් කිරීමත් සමග කොවිඩ් පැතිරීම යම් ආකාරයකට වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 03 November 2021
විදේස් සැකකාරිය ළඟ සිම් හතක්-සිලින් කාසියක් ’ෆෝ ජී’ වර්ගයේ සිම් කාඩ් පත් හතක් සහ උගන්ඩා සිලින් කාසියක් සඟවාගෙන සිටි උගන්ඩා ජාතික සැකකාරියක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීනියන් විසින් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ දී ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 03 November 2021
“එක රටක් එක නීතියක්’’ හදන්න බලය ඇත්තේ පාර්ලිමේන්තුවට එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය ඇත්තේ ජනාධිපති කාර්ය සාධක බලකායට නොව පාර්ලිමේන්තුවට බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සිරිකොත දීපවාලී සැමරුම් උත්සවයේදී පැවසීය. 03 November 2021
මහ බැංකු අධිපතිගේ පත් වීමට එරෙහිව පෙත්සම් විසිකරයි හිටපු මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වරයා ලෙස පත් කිරීමට එරෙහිව හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය අද(03) තීන්දු කළේය. 03 November 2021
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝටි 45ක් වතුරේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ප්‍රමාදවීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය අමතර ගොඩනැගිලි කුලියට ගැනීම සඳහා 2017 සිට 2020 වසර දක්වා වර්ෂ හතරේදී රුපියල් කෝටි 45 කට වැඩි මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව ) දැඩි සාකච්ඡාවට භාජනවී ඇත. 03 November 2021
පාසල් ඉදිරිපිට අදත් උද්ඝෝෂණ ගුරුවරුන් ගේ වැටුප් විෂමතා අරගලයට සහය දක්වමින් දිවයින පුරා මව්පියෝ විරෝධතාවයන්හි නියැලෙනු දකින්නට ලැබිණි. 03 November 2021
‘ජපානය-ලංකාව අතර සංචාරක ව්‍යාපාරය නංන්වන්න වැඩසටහනක්‘ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ඇරඹූ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. 03 November 2021
“කාර්යාලයීය බස් සේවය අවශ්‍ය නම් ඉල්ලන්න’’ ජාතික ගමනාගමන කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන කාර්යාලයීය බස් රථ සේවය බත්තරමුල්ල සහ මාකුඹුර යන ප්‍රදේශවල ද ක්‍රියාත්මක කරන බවත් කොළඹ සෙසු ප්‍රදේශවල කාර්යාල සේවකයන් සඳහා ද එම සේවය අවශ්‍ය නම් ඉල්ලීම් කළ හැකි බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා ‘ලංකාදීප’යට පැවසීය. 03 November 2021
බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවත්ට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 November 2021
කොත්තු කන්න ඇවිත් එලොව යයි කොත්තු රොටි ගැනිමට බද්දේගම නාගොඩ පාරේ හෝටලයකට පැමිණි තරුණයකුට හෝටල් හිමියා අතර ඇතිවූ ගැටුමක් අතර තුර පහරකෑමට ලක්ව මියගොස් ඇතැයි බද්දේගම පොලිසිය පවසයි. 03 November 2021
වැස්සෙන් 5000ක අධික පිරිසකට බලපෑම් රට පුරා ප්‍රදේශ රැසක පසුගිය දිනවල ඇති වූ අයපත් කාලගුණ තත්වයෙන් පුද්ගලයන් සිවුදෙකෙන් මරණයට පත්ව ඇති බවත් එහිදී පුද්ගලයන් දෙදෙනෙක් ගං වතුර ද, දෙදෙනෙක් අකුණුවලට ද, බිලිවූ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා පැවසීය. 03 November 2021
අන්තර් පළාත් බස් රථ ධාවනයේ අඩුවක් අන්තර් පළාත් පෞද්ගලික බස් ධාවනය ආරම්භ වී දෙවැනි දිනය වූ ඊයේ (2) පස්වරුව වන විට සමස්ත බස්රථ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ ධාවනය වූ බවත් බස් ධාවනය යථා තත්වයට පත්වීමට සති කීපයක් ගතවනු ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 03 November 2021
අධිකරණ ඇමැති නොසතුටෙන් එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පත් කිරීමට උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද 13 දෙනකුගෙන් යුතු කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් නොසතුටට පත්ව සිටින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට දේශපාලන කරලියේ කතාබහට ලක්ව ඇත. 03 November 2021
කොල්ලකරුගේ මළ සිරුර බිරියටත් එපා වෙයි මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට ගොස් පහර කා මියගිය කොල්ලකරු ගේ මළ සිරුර බාර ගැනීම ඔහුගේ බිරිද ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම සිරුර ඔහුගේ නැගණියට බාර දුන් බව පොලිසිය පවසයි. 02 November 2021
යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය හෙට සිට (3) ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 02 November 2021
ගෑස් නැවක් වරායට වර්තමානයේ පවතින ‘ලිට්රෝ’ ගෑස් හිඟය බෙදාහැරීම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ඇතිවූ එකක් බවත් ගෑස් රැගත් නැවක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ‘ලිට්රෝ’ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 02 November 2021
සීනි පාලන මිල ඉවත් කරයි සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බව රජයේ ආරංචි මාර්ග පවසයි. 02 November 2021
එක රටක් එක නීතියක් ගැසට්ටුවට කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක් ‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 02 November 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 15 hours ago