ලොරිය බෝක්කුවක ගැටී 7 ක් රෝහලේ පුත්තලම කල්අඩිය 6 කණුව ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් බෝක්කුවක ගැටි අනතුරට ලක්විමේන් 7 දෙනෙකු තුවාල ලබා අද ( 6 ) උදෑසන පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 06 November 2021
ප්‍රේෂණ පහසු කිරීමට මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ( මුදල්) රටට ගලා ඒම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුත් දෙපාර්තමේන්තුවක් පිහිටුවනු ලැබ ඇත. 06 November 2021
තෝරාගත් වනාන්තරවලට ඔසු උයන් රට පුරා ඇති තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. 06 November 2021
ප්‍රදේශ රැසකට වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද (6) වළාකුළින් බරව පවතින අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 November 2021
මුතුරාජවෙල හෙලිකොප්ටර් අංගනයක් සෑදීම ගැන වාර්තාවක් කැඳවයි මුතුරාජවෙළ පරිසර කලාපයේ විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර් අංගනයක් සෑදීමට අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව ) වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට දැනුම්දී ඇත. 06 November 2021
පාර්ලිමේන්තු සෙංකෝලයේ කඩතොලු කිහිපයක් පාර්ලිමේන්තුවේ බල අධිකාරියේ සංකේතය ලෙස සැලකෙන සෙංකෝලයේ කුඩා හානි (කඩතොලු) කිහිපයක් හඳුනාගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 06 November 2021
ගැබිනි මවුවරුන් අතරත් කොවිඩ් වැඩිවෙලා කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන්ගේ සංඛ්‍යාවේද යම් වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය. 06 November 2021
කොරෝනා අසාදිතයින් තවත් 145ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 145 දෙනකු අද(5) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 05 November 2021
ඉමෝ හරහා කුඩු වික්ක ’’ඌරගහ චූටි බේබි’’ අත්අඩංගුවට ඩුබායි රාජ්‍යයේ සැගව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ’’මාලවෙල ඉන්දික’’ නැමැත්තාගේ මෙරට ජාවාරම සිදුකරන ’’ඌරගහ චූටි බේබි’’ නැමැත්තිය අද (05) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි . 05 November 2021
කැලණි සරසවියේ කුලපතිධූරය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ට කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් පත්කර ඇතැයි වාර්තා වේ. 05 November 2021
ජගත් කුමාර යළිත් පාදුක්ක සම්බන්ධීකරණ සභාපති ධූරයේ වැඩ භාරගනියි පාදුක්ක පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කර දේශපාලන පදනමින් නව ස්ථානාධිපතිවරයකු පත් කළ බව කියමින් ඊට විරෝධය දක්වා පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉවත් වු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද (5) යළිත් එම තනතුරේ වැඩ භාරගත්තේය. 05 November 2021
අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය අවසන් කරයි අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය තව දුරටත් අවශ්‍ය නොවන බැවින් සේවය අවසන් කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 November 2021
’කඨිනවලට ආගමික පරිසරයකට උචිත ගීත පමණක් යොදා ගන්න’ කඨින පූජෝත්සවවලදී සහ වෙනත් ආගමික උත්සවවලදී ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් වාදනය කරන්නැයි බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දැනුම්දී ඇත. 05 November 2021
කොරෝනා අසාදිතයින් අද 482 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 482 දෙනකු අද (5) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 05 November 2021
තවත් කොවිඩි මරණ 15ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 November 2021
සිරිල් ගාමිණි පියතුමා ගැන අධිකරණයට පැමිණිලි කරන්න නියෝග රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා කළ පැමිණීල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණීමෙන් රජයේ නිලධාරියකුගේ නියෝගයකට අවනත නොවීම පිළිබඳව සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධයෙන් අධිකරණයට පැමිණීල්ලක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (05) නියෝග කළේය. 05 November 2021
ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්රයේ ආයෝජනට ජර්මනිය සැරසෙයි ලොව ඉහළම නවීන සෞඛ්‍ය තාක්ෂණික පද්ධතියක් පවතින ජර්මනියේ ආයෝජකයන් ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත්රයේ ආයෝජන සඳහා දැඩි උනන්දුවක් දක්වන බව ජර්මානු තානාපති හොල්ගර් සෙවුබර්ට් මහතා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවේ පැවසීය. 05 November 2021
ඩ්‍රෝන යානාවකින් දළදා මාලිගාවේ පින්තූර ගත් බංගලියා මාට්ටු මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඩ්‍රෝන කැමරාවක් යවා විඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි බංගලාදේශ ජාතිකයකු අත්අඩංගුවට ගත් බව දාළදා මාලිගාවේ පොලිස් ඒකකය කියයි. 05 November 2021
ජනාධිපති නාගලගම් වීදිය ජල පොම්පාගාරය බලන්න යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක බැංකු නියෝජිතයෝ කොළඹ නාගලගම් වීදිය ජල පොම්පාගාරය අද (05) පෙරවරුවේ නිරීක්ෂණය කළහ. 05 November 2021
වහලෙට නැග්ග රැදවියන්ට මාරුවක් සමාව ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහල මත නැග විරෝධතාවයේ නිරත රැඳවියන් 15 දෙනෙකුගේ සමන්විත කණ්ඩායමක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර ඇත. 05 November 2021
ගෑස් මාෆියාවෙන් තර්ජනය නිසා ‘ලිට්රෝ’ගෑස් හිඟය ඇති වුණා ශ්‍රී ලංකාව තුළ වෙනත් දේවල්වල මාෆියාවන් ක්‍රියාත්මක වනවා සේම ගෑස් වෙළෙඳපොලේ ද ‘මාෆියාවක්’ ක්‍රියාත්මක වන බවත් එක කණ්ඩායමක් පමණක් ගෑස් වෙළෙඳපොල පාලනය කරමින් වෙනත් කිසිවකුට පැමිණීමට නොදෙන බවත් ‘ලිට්රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය. 05 November 2021
මත් කරල් සමග අයෙක් දැලේ රාගම දඹුව ගල්වත්ත ප්‍රදේශයේ දී මත් කරල් තොගයක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි. 05 November 2021
යුරෝපා රටවල කොරෝනා ඔඩුදුවයි යුරෝපය යළිත් වරක් ’කොවිඩ් 19’ කේන්ද්‍රස්ථානය වීමේ ලකුණු පෙන්නුම් කරන බවත්, දෛනිකව යුරෝපා රටවලින් වාර්තා වන ආසාදිතයන් සහ මරණ අනුව, ලබන වසරේ පෙබරවාරි වනවිට යුරෝපයේ ’කොවිඩ් 19’ මරණ ලක්ෂ 5 සීමාව පසු කරනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 05 November 2021
අලුත් රැල්ල පාලනය කිරීම අසීරුයි චීනය පුරා පැතිරීමට පටන් ගත් නව කොරෝනා රැල්ල පාලනය අසීරු වී ඇතැයි චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වනවිට චීනයේ පළාත් 31 න් 19 ක් පුරා ’කොවිඩ් 19’ නව රැල්ල ව්‍යාප්තවී තිබේ. මෙම නව රැල්ලට හේතුව වී ඇත්තේ ’ඩෙල්ටා’ සහ ’ඩෙල්ටා ප්ලස්’ විකෘති ප්‍රභේද යැයි ද පැවැසෙයි. 05 November 2021
කොවිඩ් ආසාදිත දරුවන්ගේ ඉහළයාමක් කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව යළි ඉහළ යන තත්වයක් පෙනෙන්නට ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 05 November 2021
සද්දන්තයන් 817ක් පසුගිය වසර තුනේදී මරා දාලා දිවයින පුරා පුද්ගලයන් 263 දෙනකු අලි ඇතුන්ගේ පහරදීම්වලින් වසර තුනකදී (2019 සිට 2021 මාර්තු දක්වා) මියගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට බාර දුන් එහි අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි. 05 November 2021
පොලොන්නරුවේ කුඹුරුවලට දිවයර නිකුත් කරයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ යටතේ වී වගා කෙරෙන කුඹුරු අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට මාස් කන්නයේ වගාව සඳහා ජලය නිකුත් කිරීම අද දින ආරම්භ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 05 November 2021
මන්ත්‍රී කාවින්දගෙන් පෙත්සමක් මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කර ’’රැම්සා’’ තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව ජනාධිපතිවරයා ඉකුත් ඔක්තෝබර් 07 නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සහ එම ප්‍රදේශයේ පදිංචි ධීවරයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (05) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ. 05 November 2021
වත්තල මාරක රිය අනතුරේ පිය පුතු රිමාන්ඩ් සුඛෝපභෝගී වාහනයක් ධාවනය කර මාරාන්තික අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් බාලවයස්කාර දරුවා සහ ඔහුගේ පියා ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා මහතා නියෝග කළේය. 05 November 2021
හෙරොයින් ජාවාරම් කළ බව කියන දෙමටගොඩ රුවන් රිමාන්ඩ් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (05) නියෝග කළේය. 05 November 2021
කුඩු සමග ඇල්ලූ නළුවාට දඩ : අධිකරණයෙන් තරයේ අවවාදයක් මත් ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර වරද පිළිගැනීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය අද දින (17) රුපියල් පන්දහසක දඩයක් නි.. 17 September 2026