ලොව පළමු 'ඔමික්‍රෝන්' මරණය මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ. 'ඔමික්‍රෝන්' පළමු මරණය පිළිබඳ පළමුවෙන් ලොවට දැනුම් දුන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ය. ඒ, හදිසි මාධ්‍ය හමුවක් කැඳවමිනි.
'කනගාටුවෙන් මා දැනුම් දෙන්න කැමැතියි, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, කොවිඩ් 19 ඔමික්‍රෝන් ආසාදිතයකු මියගියා. ඔමික්‍රොන් විකෘතිය ළැව් ගින්නක් සේ මහා බ්‍රිතාන්‍යය පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මා ඉල්ලා සිටිනවා හැකි ඉක්මණින් තමන්ට නියමිත බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගන්න'' යැයි එම මාධ්‍ය හමුවේ දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.
මේ අතර 'ඔමික්‍රෝන්' විකෘතිය 'ඩෙල්ටා' විකෘතියට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, මේ වනවිට එය රටවල් 63 කට ව්‍යාප්ත වී අවසන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. 'ඔමික්‍රෝන්' විකෘතිය 'කොවිඩ් 19' සඳහා නිපදවා ඇති එන්නත් කාර්යක්ෂමතාව අඩු කිරීමට සමත් වී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒ අනුව, වයිරසයෙන් ආරක්ෂා වීමට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පෙන්වා දී ඇත.
(රොයිටර්)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ලොව පළමු ඔමික්‍රෝන් මරණය බ්‍රිතාන්‍යයෙන්