(රංජිත් රාජපක්ෂ සහ ගාමිණී ඉංගන්තිලක)

මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මස්කෙලිය ආසන සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා ප්‍රාදේශිය සභා රැස්වීම අතර තුර එල්ල වූ විදුරු ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.

මස්කෙළිය ප්‍රාදේශිය සභා සභාපතිනි ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මියගේ (ලංකා කම්කරු කොන්ග්‍රසය) ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්විම පවත්වගෙන යද්දී මෙම පහරදීම සිදුව ඇත.

ආණ්ඩු පක්ෂයේම මනත්‍රීවරයකු මෙම පහරදීම සිදු කර ඇත.

මස්කෙලිය නගරයේ අනවසර ඉදි කිරිම් සම්බන්ධයෙන් ඇතිවූ වචන හුවමාරුවකදී මෙම පහරදිම සිදු වූ බව පෙරියසාමි ප්‍රදිපන් මහතා කියා සිටියේ.

මේ හේතුවෙන් මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්විම දින නියමයක් නොමැතිව කල් තැබිමට එම ප්‍රාදේශිය සභාවේ සභාපතිනි ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මිය පියවර ගත්තාය.

මේ සම්බන්ධයෙන් පෙරියසාමි ප්‍රදිපනන් මහතාට පහර දුන්නේ යැයි කියන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි එස්.ඒ.දිසානායක මහතාගෙන් අප කල විමසුමක දී මෙසේ කීය.

මස්කෙලිය ප්‍රදේශයේ තම පාක්ෂිකයකුගේ නිවසට පිවිසෙන මාර්ගයක් ඉදි කිරිමට සභාවෙන් අවසර ලබාගෙන එම මාර්ගයේ ඉදි කිරිම් කටයුතු සිදු කරන අවස්ථාවේ එම මාර්ගය ඉදි කරනවාට අකමැති පාර්ශවයකට සහයෝගය දක්වා පෙරියසාමි ප්‍රදිපන් මහතා සභාව තුළ නොසන්සුන්කාරි ලෙස හැසිරි තවත් මන්ත්‍රිවරයකුට පහර දිමට උත්සහ කළ අවස්ථාවේ එය වලක්වා ගැනිම සදහා තමන් අතතිව තිබු විදුරුවකින් උප සභාපතිවරයාට ප්‍රහාරයක් එල්ල කළ බව කීය.