බන්ධනාගාර බසයෙන් පැන්න දෙන්නා වැසිකිළියෙන් අල්ලයි වැලිකඩ බන්ධනාගාරයේ සිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි රැඳවියන් දෙදනකු පොල්ගවෙල මැද්දලන්ද ප්‍රදේශයේදී බසයෙන් පැනගොස් ඒ ආසන්නයේ අදාහනාගාර වැසිකිළියක සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොල්ගහවෙල පොලිසිය පවසයි. 07 November 2021
සෙල්ෆි ගන්න ගිහින් දුම්රියට බිළිවෙයි වව්නියාව සෙට්ටිකුලම දකුණු කල්ලාරු පාලමේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීම උත්සහ ගත් තරුණයෙකු මන්නාරම දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මියගොස් ඇතැයි සෙටිකුලම් පොලීසිය පවසයි. 07 November 2021
පොලිස් කොස්තාපල් නිධන් හාරද්දී මාට්ටු තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයේ මැදදුම්බර මහ දොරලියද්ද කන්දේ පාඵ නිවසක් අසළ නිධාන් හදාරමින් සිටි පොලිස් සැරයන්වරයකු ඇතුළු එකම පවුලේ සොහොයුරන් සිව් දෙනකු සැකපිට පොලිස් අත් අඩංගුවට ගත් බව තෙල්දෙණිය මූලස්ථාන පොලීසිය කියයි. 07 November 2021
‘රනිල්ට රට බර දුන්නොත් පැය 48 න් ගෑස් මිල බස්සනවා ‘ රනිල්ට රට බාර දුන්නොත් පැය 48න් ගෑස් මිල බස්සන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 07 November 2021
සතොසෙන් සහල් සීනි ගන්න කොන්දේසි නෑ සතොසෙන් සහල් සහ සීනි මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩ හතරක් ද මිලදී ගැනීම් ගත යුතු බවට පනවා තිබූ කොන්දේසිය ඉවත් කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 November 2021
“ආසාදිතයන් වැඩි වුණොත් යළි සංචරණ සීමා පනවන්න වෙයි’’ ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුණහොත් යළි සීමා පැනවීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය 07 November 2021
අනිද්දා තෙක් තද වැසි දිවයින ආශ්‍රිතව පවතින සුළං අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අනිද්දා තෙක් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 November 2021
අඹු සැමියන් එක්ව හොරකමේ ගිහින් කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරොද රථ රියැදුරුගේ මුහුණට මිරිස්කුඩු ගසා , හිසට මිටියකින් පහර දී ත්‍රීරෝද රථය කොල්ලකා කෑ අඹු සැමි යුවළක් ,අවුරුදු තුනක දරුවකු ද සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි . 07 November 2021
අද ආසාදිතයන් 617 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 135 දෙනකු අද(6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 November 2021
“ජනතාව ඉල්ලූ විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරනවා’’ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (6) පැවසීය. 06 November 2021
බූස්ටර් එන්නත දීම ගැන ලංකාවේ කැනඩා මහ කොමසාරිස්ගේ ඇගයුමට ශ්‍රී ලංකාවේ ජනතාවට ’’බූස්ටර්’’ එන්නත ලබාදීමට තීරණය කිරිම ඉතා සාධනීය පියවරක් බව මෙරට සිටින කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා පවසයි. 06 November 2021
කොවිඩ් ආසාදිතයන් 482ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 482 දෙනකු අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 06 November 2021
’’එන්නත් තුනක බලය බිඳිලා’’ ෆයිසර, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව (ඵලදායිත්වය) සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණ කණ්ඩායමක් කර ඇති පරීක්ෂණයකදී තහවුරුවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 06 November 2021
කාදිනල්තුමෝ ශ්‍රේෂ්ඨාධිකරණයට මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් ගැසට් නිවේදනයක් මගින් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. 06 November 2021
තවත් කොවිඩි මරණ 20 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 November 2021
ප්‍රංශයේ අධිකරණ සංඝනායක හිමියෝ අපවත් වෙති 1985 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවරට වැඩම කළ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ප්‍රංශයේ ඡේතවන බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2021 නොවැම්බර් මස 5 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේදී අපවත් වූයේය. 06 November 2021
60ට වැඩි මන්ත්‍රීවරුන්ටත් තෙවෙනි මාත්‍රාවක් වයස 60 ඉක්මවූ විවිධ සංකූලතාවලින් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තීරණය කර ඇත. 06 November 2021
‘රටේ විකල්ප බලවේග බිහිවීම වළක්වන්න බෑ’ ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ග අසාර්ථක බවත් මේ ආකාරයට ගියහොත් රටේ විකල්ප බලවේගයක් බිහිවීම වැළැක්විය නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය. රටේ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණයවී පෝලිම් යුගයක් නිර්මාණයවී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. ප්රජාතන්ත්රවාදී රටක් පාලනය කළ යුත්තේ ප්රජාතන්ත්රවාදී ක්‍රමයට බව පැවසූ ප්‍රියදර්ශන මහතා 06 November 2021
’’එක්ස්ප්‍රස් පර්ල් වලින් පාඩු වූ ව්‍යාපාරිකයන්ට තවමත් වන්දි නෑ’’ කොළඹ වරාය ආසන්නයේදී පසුගිය මැයි මස අවසානයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ආනයනකරැවන් 104 කට අයත් රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ විනාශ වූ බව ව්‍යාපාරිකයෝ පවසති. 06 November 2021
දුම්රිය එන්ජිම පීලි පනී නුවර සිට මාතර බලා ධාවනයවන අංක 40 දරණ දුම්රියේ එන්ජිම ගාල්ල දුම්රිය ස්ථානයේදි අද (06) දහවල් පිලි පැනිම නිසා දුම්රිය ගමනා ගමනයට බාධා පැමිණ තිබේ. 06 November 2021
බෑගයේ තිබු කාන්තා සිරුර සම්බන්ධයෙන් යුවළක් අත්අඩංගුවට සසුගස්කන්ද මාබිම පාරේ පිහිටි තෙල්පිරිපහදු මධ්‍යස්ථානය අසල මාර්ගයේ කැලි කසල ගොඩක කුඩා ගමන් බෑගයක දමා තිබු කාන්තාව ගේ ඝාතනයේ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. 06 November 2021
ලබන වසරේ අයවැය ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ලබන වසර සඳහා (2022) වන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12වැනිදා සිකුරාදා ඉදිරිපත් කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. 06 November 2021
සිමෙන්ති මිල යළි ඉහළට සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමෙන් පසුව සිමෙන්ති නිෂ්පාදකයන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. 06 November 2021
ඖෂධ අධිකාරියේ මැකුණු දත්ත හැදීමට විශේෂඥයෝ කණ්ඩායමක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ මැකිගිය දත්ත යළි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශේෂඥයන් කණ්ඩායමකගේ සහය ලබාගැනීමට තීරණය කර ඇත. 06 November 2021
ශ්‍රාවස්ති මන්දිරය තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට මන්ත්‍රීන්ට අවසර කොළඹ 7, මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ශ්‍රාවස්ති මන්දිරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීම සඳහා අවසර දීමට රජය තීරණය කර ඇත. 06 November 2021
අගමැති - විමල් අතර හමුවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් ඇමැති විමල් වීරවංශ මහතා අතර හදිසි හමුවක් ඉකුත් බදාදා රාත්‍රියේ පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි . 06 November 2021
‘ලිට්රෝ’ ගෑස් ගිවිසුමෙන් කෝටි 1000ක් පාඩුවිය හැකියි ‘ලිට්රෝ’ ගෑස් සමාගමට වර්තමානයේ ගෑස් සපයන සමාගමට නැවත සැපයුම් කොන්ත්‍රාත්තුව ලබාදුන හොත් රට අහිමිවන මුදල් ප්‍රමාණය ආසන්න වශයෙන් රුපියල් බිලියන 10 ක් හෙවත් රුපියල් කෝටි 1000 ක් බව ‘ලිට්රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය. 06 November 2021
උමා ඔයේ අනපේක්ෂිත ප්‍රමාදයට ඩොලර් කෝටි 18ක ප්‍රමාද ගාස්තුව ඉල්ලයි උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී සිදු වූ අනපේක්ෂිත ප්‍රමාදය වෙනුවෙන් ,ඇමරිකානු ඩොලර් කෝටි 18 ක (රුපියල් කෝටි 3600ක පමණ )ප්‍රමාද ගාස්තුවක් ගෙවන්නැයි ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සමාගම වන ෆරාබි සමාගම රජයෙන් ඉල්ලීමක් කර ඇත. 06 November 2021
කාන්තාවෝ 1500ක් පසුගිය මාස කිහිපයේදී අතුරුදන් ආගිය අතක් නොමැති කාන්තාවන් එක්දහස් පන්සිය දෙනකු(1500) පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය මාස කීපයේදී තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි. 06 November 2021
අලිසබ්රිගේ ඉල්ලා අස්වීම ජනපති පිළිනොගනී එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දෙමින් ඊට අදාළ අස්වීමේ ලිපි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (5) බාරදී ඇත . 06 November 2021
කුඩු සමග ඇල්ලූ නළුවාට දඩ : අධිකරණයෙන් තරයේ අවවාදයක් මත් ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර වරද පිළිගැනීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය අද දින (17) රුපියල් පන්දහසක දඩයක් නි.. 17 September 2026