(අංජුල මහික වීරරත්න)
ඉදිරි මාස දෙකක කාලය ඇතුළත ඩොලර් බිලියන පහක වත් මුදලක් නොලැබුණොත් රට පවත්වාගෙන යන්නට නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉතිහාසයේ දරුණුතම විදේශ වත්කම් පහත වැටීමේ අවස්ථාවට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බව කී විජයවර්ධන මහතා එය සෘජුව බලපාන්නේ රටේ සමස්ත ජනතාවට බවත් දැනටමත් කිරිපිටි යළිත් වෙළෙඳ පොලේ නැති බවත් සඳහන් කළේය.
මේ වන විට රටේ තිබෙන ඩොලර් සංචිත ප්‍රමාණය බිලියන 1.5 ක් පමණක් බවත් එයින් ඉන්ධන හා ඖෂධ ගෙන්වා ගැනීමට මුදල් වැය කළ විට මේ මස අවසානය වන විට ඉතිරි වන්නේ ඩොලර් මිලියන 1100 ක් පමණක් බව කී විජයවර්ධන මහතා ඉදිරි වසරක ආනයන අවශ්‍යතා හා සැසදීමේදී එය ලබන වසරේ සති දෙකකටවත් ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම සතුටක් හිත ඇතුලේ තියාගෙන තමයි මළගෙදරක මුහුණ පෙන්නගෙන මම මේ ටික කියන්නේ..
යහපාලනය ඩොලර් බිලියන 750 ණය ගන්නකොට මේ ආර්ථික විශේෂයො කොහෙද හිටියෙ .
ජනතාව හොරා කාලා නොමැත .2014 න් පසුව පාලනය කරන ලද හොඳ කම තමයි