(රංජන් කස්තුරි)

ප්‍රමිතියෙන් බාල පෙට්ට්‍රල්,භූමිතෙල් සහ ඩීසල් සම්බන්ධයෙන් ජනතාවගේ පැමිණිලි විභාග කර විසඳුම් ලාබදීමේ  නව වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සකස්කර තිබේ.

එමගින් ලිහිසිතෙල් කර්මාන්තයේ පැමිණිලි විසඳීමටත් ආරවුල්  විසඳා ජනතාවට සහන සැලසීමට හැකිවන බව ද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම නව වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදයගම්මන්පිල මහතා සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර පෙට්ට්‍රල්, ඩීසල් හා භූමිතෙල් පිළිබඳව ජනතාවට පැමිණිලි කිරීමට මෙතෙක් ක්‍රමවේදයක් නොතිබූ බවයි.

ඒ  පිළිබඳව ජනතාව මෙතෙක් විශ්වාසයක් නොතිබූ බව ද උදය ගම්මන්පිට මහතා පැවැසීය. එම ගැටළුවට මින් ඉදිරියට විසඳුමක් ලැබෙන බව ද ඔහු කීය.