
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයාගත හැකි ඖෂධීය ශාඛයක් ලෙස ‘කංසා’ හදුන්වන බවත් ශ්‍රී ලංකාව තුළ ‘කංසා’ ඉතාම භයානක මත්ද්‍රව්‍යයක් ලෙස බිල්ලෙක් මවා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය අද (13) පැවසුවාය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය වසරේ දෙසැම්බර් මස පැවත්වූ සමුළුවේදී ‘කංසා’ අන්තරාදායක මත්ද්‍රව්‍යයක් නොවන බවට තීරණය කර ඒ සඳහා පනවා තිබූ තහනම ඉවත්කිරීමෙන් කංසා අපනයනට ශ්‍රී ලංකාවට තිබූ බාධාවක් ඉවත් වූ බව කී ඩයනා ගමගේ මහත්මිය කංසාවලින් ලබාගන්නා සීබීඩී තෙල්වලින් පිළිකා, විෂාදය ආදි රෝග රැසකට සහ වේදනා නාශකයක් ලෙස ද පාවිච්චි කරන බව ද සඳහන් කළේය.
ලොව පුරා රටවල් 45 ක් පමණ කංසා වගාවෙන් විශාල විදේශ විනිමයක් උපයන බවත් කී මන්ත්‍රීවරිය පැවසුවේ කංසා සඳහා ඉල්ලුම සියයට 1000 කින් ඉහළ ගොස් 2027 වන විට විදේශ විනියම වටිනාකම ඩොලර් බිලියන 140 ක් බවට පත්වනු ඇතැයි යුරෝපා සංවර්ධන අරමුදල ඇස්තමේන්තු කර ඇති බවත්ය.
ශ්‍රී ලංකා තුළ සංස්කෘතිය සමඟ බැඳුණු වසර 6000 ක ඉතිහාසයක් ‘කංසා’වලට ඇති බව සඳහන් කළ ඩයනා ගමගේ මහත්මිය රට මේ වන විට මුහුණ දී සිටින ඩොලර් හිඟයට දැනට ඉතිරි වී ඇති හොඳම විසඳුමක් ලෙස මෙය දකින බව ද කීවාය.
‘කංසා’ දේශීයව ‘ත්‍රෛයිලෝකවිජයා’ ලෙස හදුන්වන බවත් ‘කංසා’ දුම්වැටියක් හැටියටම පමණක් නොව කෑමවලට පාවිච්චි කිරීම වැනි බොහෝ ප්‍රයෝජන ඇති බවත් ඇය පවසන්නීය.
කංසා අපනයනය පිළිබඳව තමන් ඉදිරිපත් කළ යෝජනාවට බහුතරයක් ජනතාව එකඟ බව කී ඇය පැවසුවේ පොඩි කොටසක් මේක ගැන වැරදි මත ප්‍රකාශ කරමින් වලිගය අල්ලාගෙන සිටින බවත්ය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්විමන් එසේ පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර අපේ දසමහා යෝධයෝ පාවිච්චි කරේ ගංජායි කිතුල් රායි. ඒ නිසාම කලකට පසුව සුද්දෝ මේ දෙකම තහනම් කලා. අපේ මෝඩයෝ ඒක දිගටම ක්‍රියාත්මක කලා. සුද්දෝ මේ පැල අරන් ගිහිල්ලා ඒ අයගේ රටවල පාවිච්චි කරනවා ක්‍රමානුකූලව.
ජනතාවගේ අතට මුදල් ලැබෙන මාර්ගයක් වේවා
හරියට තේ, රබර්, පොල් ටිකවත් අපනයන කර ගන්න බෑ. ජාත්‍යන්තර වෙළඳ පොළේ අපිට තිබ්බ තේ ආධිපත්‍ය දැන් කෙන්යාව, ඉන්දියාව, වියට්නාමය, ටැන්සානියාව වගේ රටවල් හිමි කරගෙන. එහෙන් වී, තේ, එළවළු වගාවන් අඩපණ වෙලා හරියට පොහොර, බෙහෙත් ටික නැතුව. මෙයාලා කංසා අපනයනය කරන්න සිහින දකිනවා.
සිහින දකිනවා
මෙය සම්පුර්ණයෙන්ම ඇත්තම කතාව නෙවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට ලොව වටා රටවල් ගණනාවක් අත්සන් කර ඇති මරුජුවානා සහ ගංජා (දුම්මල) 1961 මත්ද්‍රව්‍ය අංක් I උපලේඛනයෙන් ඉවත් කිරීම සුදුසු බවට අනුමත කර ඇති බවට ප්‍රවෘත්තියක් ගංජා භාවිතය ප්‍රතිසංවිධානය කිරීමෙහිලා උනන්දුවක් දක්වන සංවිධාන මඟින් ප්‍රචාරය කර ඇතිබවයි කියන්නේ. මේ කතාබහට මුලිකවී ඇත්තේ එම ප්‍රචාරයයි. කෙසේවෙතත් එම කතා බහේ ලෝක සෞඛ්‍ය සංවිධානය 1961 මත්ද්‍රව්‍ය අංක් I උපලේඛනයෙන් ගංජා සහ මරුජුවානා වැනි ද්‍රව්‍ය ඉවත්කිරීම සුදුසුයි කියා ඇති බව පැවසුවද වඩාත් ප්‍රභල මත්ද්‍රව්‍ය අංඛ IV උපලේඛනයෙන්ද ඒවා ඉවත්කළ යුතුබවට නිර්දේශ කර ඇතිබවක් කියවෙන්නේ නැත. මෙය අර ගොනාට කලින් වැට පැන්නා වැනි කතාවකි.
මෙයාව පාර්ලිමේන්තුවට එව්ව අයට ගහන්න ඕන
මෙයා කරන කරපු දේවල් බැලුවහම මෙයාව විශ්වාස කරන්න අපි මැරිලා නැවත ඉපදුනත් බැහැ
රටට ආදායමක් ලබාගත හැකිවීම හොඳ දෙයක්. අපේ කංසා ගිනි තබා අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් කෝටි ගණන් වියදම් කොට රටට කංසා ගෙන්වන බව මගේ මිතුරියක වන ආයුර්වේද වෛද්‍යවරියක් මා සමග පැවසුවා. ඒ කෙසේ වෙතත්,කංසා එළිපිට වවන්න ගත්විට, ඒවාට අබ්බැහිවී සිටින්නන්ට වැඩි අපහසුවක් නැතිව කංසා බොන්න පුළුවන්. මේ තත්ත්වය රටේ ආරක්ෂාවට තර්ජනයක් නිසා,ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් සකසන්නට සිදුවේවි. මතකද කංසා බීලා හොඳටම මත්වෙලා පාසල් සිසුවියක් උස්සාගෙන ගොස් දූෂණය කරලා මරා දැම්ම හැටි. ඒ නිසා මේ දේ පොහොර ප්‍රශ්නේ වගේ අනාගන්නේ නැතිව,පරිස්සමින් කළයුතු දෙයක්. මේ ඩයනා නෝනලා කියනා විදිහට මතුපිටින් විතරක් බලලා බැහැ. සෑහෙන වගකිවයුතු වැඩපිළවෙලක්.
ලෝක සෞඛ්‍ය සංවිධානෙන් කිව්වනම් ඉතින් තවත් මොනවද බල බල ඉන්නේ.
ලොකු දෙයක්. අපේ රටට ඕක තමයි ලොකුම අඩුව වෙලා තිබුනේ.
අපේ දේශීය හැමදේම සුද්දෝ තහනම් කළේ ඒ අයගේ සිගරට්, විස්කි, බ්‍රැන්ඩි විකුණා ගන්න. ජාතියේ අවාසනාවකට කාටවත් බැරිද මේවා අයින් කරන්න. අවුරුදු 5න් 5ට ජාතිය බේරගන්න බව කියලා පත්වෙන ජනාධිපතිලා ඔක්කොම කඩේ යන්නේ සුද්දන්ට. වීර මාතාවක් බිහිවීම ජාතියේ වාසනාවක්. ඕකට අපේ නැතිවුණු දේවල් නැවත රටට ලබාදීමට ශක්තිය ලැබේවා.. ජය ශ්‍රී මැතිණියනි...
ලෝක සෞඛ්‍ය සංවිධානය කංසා තහනම ඉවත් කළා යන්න අමූලික බොරුවක්. කන්න හිතුණාම කබරයත් තලගොයා වුණා වගේ කතාවක් මේක...
මෙයාට අවශ්‍ය වෙලාද මේ කංසා වෙළාම කරන්න. කොහොම හරි බලපත් හිමි වෙයි වගේ
ඔව් හොඳ තීරණයක්. සමාජයම නසන දුම්කොළ සහ මධ්‍යසාර තහනම් කරන්න ඕන....රටේ රෝම ලන්දේසි නීතිය තවමත් සිංහල රටක සුද්දාගේ නීතියට බලපානවා.... මොනවද මේ කළු කෝට් ඇඳපු උසාවි දන්නවාද ?? ඒ ගැන කිසිවක් නැත. ගංජා නිසා කිසියම් පුද්ගලයෙකු මිය ගිය බව ඔබ කවදා හෝ අසා තිබේද ?? බොහෝ ජැමෙයිකානු ගායක ගායිකාවන් භාවිතා කරන්නේ ඔසු... ගායක බර්නින් ස්පියර් (වින්ස්ටන් රොඩ්නි) දෙස බලන්න.
හොඳ නැත්නම් ලංකාවේ උන් ගංජා නොගහා ඉඳපල්ලකෝ.ඒ නෝනා කියන්නේ තොපිට ගංජා බොන්න කියලා නෙවෙයි.මේ හිඟන රටට විදේශ විනිමය ගේන්න ක්‍රමයක්.විදේශ රටවල් ඒවා බලා ගනී.අපි කරන්නේ ඉල්ලුමට සැපයුම.අහිංසක ගෑනු ටික අරාබියට විකුනලා කන්න හොඳ නම් මේක මොකද්ද බොලව්
අපේ රට ජාතියට ආගමට ,මෙයාට කරන්න වෙන මුකුත් ඇත්තෙම නැද්ද ?