(මනෝප‍්‍රිය ගුණසේකර)

සහරාන් හෂිම්ගෙන් ජාතික ආරක්‍ෂාවට ප‍්‍රශ්න තියෙන නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස 2019 වසරේ සිට පාස්කු දා ප‍්‍රහාරය එල්ල වන අවස්ථාව දක්වා වසර එකහාමාරකට පෙර සිටම ලිපි 09ක් මඟින් ආරක්‍ෂක බුද්ධි ප‍්‍රධානියා, පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් දැනුම් දුන්නත් ඔහු අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා කළේ නැතැයි යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂක විශ‍්‍රාමික බි‍්‍රගේඩියර් චුල රත්නසිරි කොඩිතුවක්කු මහතා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාක්කි දෙමින් අද පැවසීය.

බුද්ධි අංශ විසින් බුද්ධි තොරතුරු හුවමාරූ කර නොගැනීම පිළිබඳව පාස්කුදා එල්ල කෙරුණු ප‍්‍රහාර මාලාවට පෙරම මා හමුදාපතිවරයා, ජාතික බුද්ධි ප‍්‍රධානියා ඇතුළු නිලධාරීන්ගේ අදානයට ලක් කළත් එම කරුණ පිළිබඳව හමුදාපතිවරයා ආරක්‍ෂක මණ්ඩලයේ අවධානයට ලක් කළාද කියා තමා නොදන්නේ යැයිද නීතීවිරෝධී නොකර හැරීම හේතූවෙන් පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට එරෙහි නඩු විභාගයේදී සාක්කි දෙමින් චුල රත්නසිරි කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පැවසීය.