
(නිමන්ති රණසිංහ)
එන්සාල් කැඩීම සඳහා සිංහරාජ වනයට ගිය සූරියකන්ද අලුත්ඉල්ලම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 39 සහ 40 වයස්වල කාන්තාවන් දෙදෙනකු බව ද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි .
මෙම කාන්තාවන් දෙදෙනා ඉකුත් 12 වැනි දා පෙරවරුවේ සිංහරාජ වනයට ගොස් ඇති බවත් මේ වන විටත් නැවත නොපැමිණි බවත් සඳහන් කරමින් සූරියකන්ද පොලිසියට ලද පැමිණිල්ලකට අනුව ඔවුන් සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
මේ වන විට පොලිසිය, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව අතුරුදන් වූ කාන්තාවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද පොලිස් මූලස්ථානය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd