(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේ සිදු වූවා යැයි කියන රුපියල් මිලියන 50 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ රජයේ විගණන දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගිණුම් ඒකකයට මුද්‍රා මූද්‍රා තබා ඇතැයි වාර්තා වෙයි.

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවු බව කියන මෙම මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු සිදුකිරීම සඳහා එසේ එහි ගිනුම ඒකකයට මූද්‍රා තබා තිබේ .

එම කාර්යාලයේ සේවය කරනු ලබන කාන්තාවන් දෙදෙනකුගෙන් දීර්ඝ ලෙස සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අදාල මූල්‍ය වංචාව වසර 05 ක පමණ කාලයක සිට සිදු කර තිබෙන බව හෙළිව තිබේ .

සෞඛ්‍ය සේවකයන් සඳහා ගෙවන අතිකාල දීමනා කපාහැරීම ඇතුළු විවිධ ක්‍රම මගින් සේ එම මූල්‍ය වංචාව සිදු කර තිබෙන බව විමර්ශනවලදී හෙළිව තිබේ .

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරනු ලබන අතිවිශාල මුදලක් වංචා කර තිබෙන බවට තමන්ට ද කරුණු වාර්තා වි තිබෙන බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙන බවයි .