87 ලක් මව කැනඩා සරසවියකින් පශ්චාත් උපාධියක් ගනී කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබාගත් වයස්ගතම තැනැත්තා ලෙස ඉතිහාසගත වීමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ කාන්තාවක් සමත් වූවාය. 08 November 2021
මස්සිනාගේ පොලු පහරින් මස්සිනා මරුට ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් අද (8) උදෑසන සිය මස්සිනාට කුරුදු පොල්ලකින් පහරදී ඝාතනය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි. 08 November 2021
“තාප බලාගාර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න’’ යුග දනවි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 November 2021
යතුරු පැදි තුනකට වැරදි විදිය ලේඛන දුන් ලිපිකාරිනිය රිමාන්ඩ් නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පැවරුම් අංශයේ යතුරුපැදි තුනක් නියමිත ක්‍රමවේදයෙන් තොරව පරිගණක පද්ධතියට ඇතුලත් කර ලේඛන තුනක් මුද්‍රණය කළැයි කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුට ගත් එම අංශයේ ලිපිකාරිනිය ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (08) නියෝග කළාය. 08 November 2021
එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට නීතිපති අනුමැතිය පොදු ස්ථානවලට ගමන් කරන පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය. 08 November 2021
ගතවූ සතියේදී සංචාරකයින් 9545 ක් ඇවිත් ගතවූ සතියක කාලය තුල මෙරටට සංචාරකයන් 9,545 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 08 November 2021
රාජංගනය-අංගමුව ජලාශවල වාන්දොරටු විවෘත කරයි අධික වැස්ස හේතුවෙන් රාජංගණය ජලාශයේ දොරටු අටක්ද,අංගමුව ජලාශයේ දොරටු දෙකක්ද අද (08)දින පෙරවරුවේ සිට විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරු ලක්ෂිත රසික හේමාල් මහතා පැවසිය. 08 November 2021
රජයේ ණය ගැනීම් සීමාව කෝටි 40,000කින් ඉහළට ණය ගැනීම් සීමාව රුපියල් කෝටි 40,000කින් පමණ වැඩි කිරීමට රජය තීරණය කර ඇත. 08 November 2021
ආයුර්වේද සේවකයෝත් විරෝධයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු සේවකයන් වෙත ලබා දෙන කොවිඩ් අවදානම් දීමනාව ලබාදෙන ලෙස බලකරමින් වයඹ පළාතේ ආයුර්වේද රෝහල්වල සේවකයෝ අද දහවල් වයඹ පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ. 08 November 2021
සඳහිරු සෑයට කොත් පළඳවයි තිස් වසරක් පුරා පැවති යුද්ධයේදී රුදුරු කොටි ත්රස්තවාදීන් ගෙන් මව්බිම බේරා ගත් අභීත රණවිරුවන් සිහි කිරීමට ඉදිකල අනුරාධපුර සඳහිරු සෑ රදුන්ගේ චූඩාමාණික්‍ය පැළඳ වීමේ පිංකම අද උදෑසන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. 08 November 2021
කාන්තාවක් බොපේ පෝද්දල ප්‍රාදේශි සභාවේ වහලයට නගී බෝපේ පෝද්දල ප්‍රාදේශිය සභාවට විරෝධය පල කරමින් කාන්තාවක් අද (08) දහවල් බෝපෙ පෝද්දල ප්‍රාදේශිය සභාවේ මුර කුටියේ වහල මත නැගි විරෝධතාවය පල කළාය. 08 November 2021
ජනතා ප්‍රශ්න විසඳන හැටි සජිත් කියයි ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැක්කේ වෛරයෙන්, ක්‍රෝධයෙන් හෝ වියුරුවෙන් නොව සාකච්ඡාව, අහුම්කන් දීම ප්රජාතන්ත්රවාදය වැනි මානුෂීය යහගුණ ධර්ම තුළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 08 November 2021
රැඳවියන් බැලීම සතියකට දින දෙකයි බන්ධනාගාරගත සැකකරුවන්ට සතියකට දින 2ක් අමුත්තන් බැලීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 08 November 2021
‘එක්ස්ප්‍රස් පර්ල්’වලින් සිදු වූ හානියට මිලියන 420 ක් ධීවරයින්ට දුන්නා ‘ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි හානිය සඳහා ලැබුණු වන්දි මුදලින් රුපියල් මිලියන 420 ක මුදලක් ධීවරයන් 14400කට වැඩි පිරිසකට සෘජුවම ලබාදී ඇතැයි බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 November 2021
කළුතරත් ගම් රැසක් ජලයෙන් යටවෙයි කළුතර ඇතුළු පළාත් රැසකට සිට ඇදහැලෙන අධික වර්ෂාපතනය නිසා කුකුලේගග සහ ම්ල්ලකන්ද ජල මාපකයන්හී ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවෙමින් පවතින බව කළුතර ආපදා කළමනාකරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයකයෙක් දහවල් පැවසීය . 08 November 2021
ඉහළ කොත්මලේ-ලක්ෂපාන-කැනියොන් වාන් දොරටු විවෘත වෙයි පවතින අධික වැසි සමඟ ඉහල කොත්මලේ, ලක්ෂපාන සහ කැනියොන් ජලාශ වල වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව ජලාශ බාර ඉන්ජිනේරුවරු කියති. 08 November 2021
අයවැයදා ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ කතානායක මැතිසබයට කියයි රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන ලබන 12 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8 )දැනුම් දුන්නේය. 08 November 2021
අත්තනගල්ල, ජා ඇල සහ ගම්පහට ගං වතුර අවදානමක් අත්තනගල්ල, ජා ඇල සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ඉදිරි පැය කිහිපයේදී සුළු ගං වතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 08 November 2021
චීන කාබනික පොහොර සමාගම ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලයි විවාදාත්මක තත්ත්වයකට පත්ව තිබෙන කාබනික පොහොර සැපයුම්කරුවකු වන චීනයේ චින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 8 ක් හෙවත් රුපියල් ලක්ෂ 16000 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර ඇති බව වාර්තා වේ. 08 November 2021
සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට නොගන්නා බව නීතිපති දන්වයි මීගමුව, කුරණ ශාන්ත ආනා කතෝලික දේවස්ථානයේ මීසම් පාලක ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද(8) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය 08 November 2021
කොම්පෝස්ට් හා වසුරුවල වස ලංකාවේ කසළ කඳුවලින් නිෂ්පාදනය කරන කොම්පෝස්ට්වලින් හා වසුරු පොහොරවලින් මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය එකතුවන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ‘ලංකාදීප’යට පැවැසුවාය. 08 November 2021
සිරිල් ගාමිණි පියතුමාගේ පෙත්සම සළකා බැලීම අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බැවින් , තමාව අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින් ආචාර්ය සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (8) දින උපරිමාධිකරණයේ දී සලකා බැලීමට නියමිතය. 08 November 2021
මාලදිවයිනේ ජනාධිපති මෙරට නිල සංචාරයක මාලදිවයින ජනාධිපති ඉබ්රාහිම් මොහොමඩ් සොලීච් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . 08 November 2021
අත්තනගලු ඔය අධි ගංවතුර මට්ටමේ පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද ( 8) උදෑසන වනවිට අධි ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව ගම්පහ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. 08 November 2021
කොරෝනා යළි හිස ඔසවන ලකුණු දිවයින පුරා කොවිඩ් ආසාදිතයන් රෝහල් පද්ධතියට දැනෙන ආකාරයේ වැඩිවීමක් දක්නට ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක , සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. 08 November 2021
ඔට්ටමාවඩිහිදී අවසන් ගමන් ගිය සංඛ්‍යාව 3200ක් දක්වා ඉහළට මඩකලපුව ඔට්ටමාවඩි කොවිඩ් පොදු සුසාන භූමියේ භූමිදානය කර ඇති කොවිඩ් මෘතදේහ සංඛ්‍යාව තුන් දහස් දෙසීයක් (3200) දක්වා ඉහළ නැග ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. 08 November 2021
’’සියලු පාසල්වල 6-9 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු කඩිනමින්’’ දිවයිනේ සියලු පාසල්වල 6 ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ද ඉතා ඉක්මනින් ආරම්භ කරන්නට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 08 November 2021
කොවිඩ් නිසා දරුවන්ගේ අධ්‍යාපනය පසු බැහැලා ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් පාසල් වසා තැබීමෙන් 2021 වසරේ බස්නාහිර පළාතේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියයට 90 කින් ද, සෙසු පළාත්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියයට 70 කින් ද, පාඩුවී ඇති බව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය. 08 November 2021
චීන පොහොර නෞකාව බේරුවල මුහුදු තීරයේ චීන සමගාමක් වන චින්ඩාඕ සීවින් බයෝටෙක් සමූහයෙන් ආනයනය කළ විවාදයට තුඩුදී තිබෙන කාබනික පොහොර රැගත් නෞකාවට බේරුවල මුහුදු තීරයේ තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කළේය. 08 November 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026