(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුවිට බටුහේන ප‍්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ තිබූ ගෑස් ලිපක්  පිපිරීමත් සමග  බියට පත් තරුණියක උඩුමහලින් බිමට පැනීමෙන් ඇගේ කකුලට ආබාධයක් සිදුව ඇති බවට තොරතුරක් ඇතැයි කුරුවිට පොලීසිය පවසයි.

ඇයට බරපතල තුවාලයක් සිදුව නැති අතර රෝහල් ගතකර නැති බවද පොලීසිය පැවසුවේය. බටුහේන ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවය කරන මෙම තරුණිය කුලි පදනම මත නිවසේ පදිංචිව සිටී. ඇය මොනරාගල ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.