
(නිමන්ති රණසිංහ)
කොටදෙණීයාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ පදිංචි වයස අවුරුදු 10ක සහ 12ක දරුවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ඥාති සහෝදරයන් වන මෙම දරුවන් දෙදෙනා ඉක-ුත් නොවැම්බර් මස 23 වැනිදා සිට ආගිය අතක් නොමැති බවට කොටදෙණීයාව පොලීසියට පැමිණීල්ලක් ලැබී ඇති බව ද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
මෙසේ අතුරුදන්වී ඇත්තේ වයස අවුරුදු 10ක් වන දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම් සහ 12 හැවිරිදි ජයසේකර මුදිලිගේ අකිල දේදුණු යන දරුවන් දෙදෙනාය.
මෙම දරුවන් දෙදෙනා අවසන් වරට නිල් පැහැති ටීෂර්ට්, කලු පැහැති සහ රතු පැහැති කොටු කලිසම්වලින් සැරසී සිට ඇති බව ද පොලීසිය පවසයි.
මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් කොටදෙණීයාව පොලීසියේ අංක 033-22400050 සහ 033-2272222 හෝ ස්ථානාධිපති 0718591634 යන දුරකතනවලට අමතා දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

(වයස අවුරුදු 10ක් වන දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම්)

(12 හැවිරිදි ජයසේකර මුදිලිගේ අකිල දේදුණු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පළාතේ ඉන්නේ කෘර මිනිස්සු