(රංජිත් රාජපක්ෂ)

සපුගස්කන්දේ සිට කොටගල ඛනිජතෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කළ බවුසරයක් ගිනිගත්හේන නගරයට ඉහළින් වු ඇගළුම් කර්මාන්ත ශාලාව අසල දී මාර්ගය හරහා පෙරළීමෙන් එහි ඉන්ධන කාන්දුවක් වන බව පොලිසිය කියයි.

එය බවුසරයේ රියැදුරා සහ රිය සහායකයා  එහි සිරවි සිටියදි බේරාගෙන ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්තාවේ එහි ඩිසල් ලිටර් 33000 තිබි ඇති බව පොලිසිය කියයි.