
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ‘පුහුණු උපදේශකවරයා’ ලෙස හිටපු ශ්‍රී ලංකා නායකයෙක් මෙන්ම හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා පත්කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
වර්තමාන ලෝක ක්‍රිකට් පිටියේ ඉදිරියෙන්ම සිටින පුහුණුකරුවෙක් වන මහලේ ජයවර්ධන මහතා ලබන ජනවාරි මස 1 වැනිදා සිට වසරක කාලයක් සඳහා එම තනතුරට පත්කරන බවත් ඒ මහතාගේ ක්‍රිකට් අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ආයතනයෙන් කියලා මතක ඇති කාලෙක කරපු හොඳම වැඩේ මේක වෙන්න ඇති. අපේ අයව අපිට අගේ නෑ. මහේල ආවා කියන්නේ කණ්ඩායමේ විනය මෙන්ම දක්ෂතාවයනුත් ඉහළ මට්ටමකට රැගෙන ඒවි...
පුහුණු උපදේශක කියන්නෙ නිත්‍ය පුහුණුකරුටත් පුහුණුවක් දෙන්න තරම් වැඩකාරයෙක් විය යතුයි. තවත් කෝටි ගණනක මහජන මුදල් නාස්තියක් තමයි මේ කරන්න යන්නෙ. හරිහමන් පුහුණුකරුවෙක් පත්කර නොගෙන බොරු වැඩ කරනවා. දැන් ඔය විශිෂ්ට පුහුණු උපදේශකයත් ඉඳල නේද ලංකාව පලමු වටයෙන්ම විසිවෙලා ගෙදර ආවේ. මහේලට ලංකා කණ්ඩායමට සේවයක් කරන්න අවශ්‍ය නම් කෙලින්ම පුහුණුකරු වෙලා වැඩ පෙන්නන්න නිකම් මවාපාන්නෙ නැතිව.
පුහුණු උපදේශක? පුහුණුකරුට උඩින්ද ඉන්නෙ? එතකොට ඒකත් අධීක්ෂණ මන්ත්‍රී වගේ සල්ලි නාස්ති කරන වැඩක් වගේ මට නං තේරෙන්නෙ.
සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි. ඒ අයගේ දක්ෂකම තමයි තමන්ගේ නිපුණත්වය පෙන්වීම.