(ඩයනා උදයංගනී)
අධිවේගී මාර්ග වල ධාවනය කරන සියළුම ගිලන් රථගාස්තු වලින් නිදහස් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ අනුව රජයේ සහ පෞද්ගලික රෝහල්වලට අනුබද්ධිත ගිලන් රථ සඳහා නොමිලයේ ගමන් කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට පෙර ගිලන් රථ වලින් අධිවේගී මාර්ග ගාස්තු අය කල අතර කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ පැවති තත්ත්වය සැලකිල්ලට ගෙන පසුගිය මැයි 20වන දින සිට නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ග වල ගමන් ගන්නා සියළුම ගිලන් රථ අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කිරිමට කටයුතු කළ බව කී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරියේදීත් අඛණ්ඩව ගිලන් රථ සඳහා එම සහනය ලබාදීමට තීරණය කළ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගයේ යන ගිලන් රථවලටයි, ජනාධිපතිගේ වාහන වලටයි ගාස්තු නිදහස් කරලා ගොඩක් කල් ජොනී. මෛත්‍රිගේ කාලේ කලේ....
හැලි, අරක්කු පටවපු ලොරි ආවට පාස් නැද්ද?
ජොනීගේ ගෙදරින් දුන්නා වගේ කතාව...
මේවාගෙනුත් දේශපාලනය කරන තරමට බංකොළොත් වෙලා.