(ඉන්දිකා රාමනායක)

දුම්කොළ පාර්සලයක් පාවාහනක් තුළ සඟවා  ගාල්ල බන්ධනාගාරට රැගෙන ඒමට උත්සහ කළ පුහුණු උපදේශවරයකු අද අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

ගාල්ල බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වීමට පෙර බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු සෝදිසියකට ලක් කර ඇති අතර එම උපදේශකවරයා පැළද සිටි පාවහන් යුගලයේ එක් පාවහනයක් තුළ සුක්ෂම ලෙස සගවා තිබූ දුම්කොල පාර්සලය අත්අඩංගුවට ගත් බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ගාල්ල බන්ධනාරයේ රදවා සිටින රැඳවියන්ට අත්කම් පාඨමාලා උගන්වන පුහුණු උපදේශකවරයකු  මෙසේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ෙඅත්අඩංගුවට සැකකරු දුම්කොල සමග ගාල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත