තිස්ස කුට්ටිආරච්චිට එරෙහිව රෝහිණීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා, තමාටත්, සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ බිරිඳවන ජලනි ප්‍රේමදාස මහත්මියටත් අපහාසවන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කළ හෙයින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළාය. 22 November 2021
ගජමුතු සමඟ තිදෙනකු අත්අඩංගුවට ගජමුතු ජාවාරමක නිරත පුද්ගලයන් තිදෙනකු ගජමුතු 10 ක් සමග කල්මුනේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 22 November 2021
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරයි නුවරඑලිය ප්‍රදේශයේ ගොවි උද්ඝෝෂණයට සහයෝගය දක්වා ඊයේ (21) තාවකාලිකව වසා දමා තිබු නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (22) විවෘත කළ බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. 22 November 2021
‘ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නෑ’ තමා ඇමැති ධුරයේ සිටින තුරු ඛනිජ තෙල් සංස්ථාව ’’පෞද්ගලීකරණය’’ වන්නේ නැතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 22 November 2021
'රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්' මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් යළිත් නිකුත් කරනු ලැබ ඇත 22 November 2021
බන්ධනාගාර වෑන්රිය වන අලියෙකුගේ ගැටී නියාමක මරුට දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ සීගිරිය, දිගම්පතහ ප්‍රදේශයේදී අද (22) බන්ධනාගාර වෑන් රථයක් වල් අලියෙකුගෙ ගැටීමෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් බන්ධනාගාර නියාමකවරයෙකු මියගොස් ඇතැයි සීගිරිය පොලීිසිය කියයි. 22 November 2021
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු සීමා කරයි විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන්, අද (22) සිට නැවත දැනුම් දෙන තුරු කොන්සියුලර් අංශයේ අදාළ සේවා ලබා ගත හැක්කේ 150 දෙනෙකු සදහා පමණක් යැයි එම අමාත්‍යාංශය කියා සිටී. 22 November 2021
’’ෆයිසර්’’ මාත්‍රා ලක්ෂ 15ක් මෙරටට එන්නත්කරණ වැඩසටහන යටතේ, ශ්‍රී ලාංකිකයන් වෙත තෙවන එන්නත් මාත්‍රාව ලෙස ලබා දීම සදහා ඇමෙරිකාවේ ’’ෆයිසර්’’ එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද (22) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ . 22 November 2021
හෙට සිට යළිත් වැසි දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් ඇති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට (23) සිට යළිත් රට පුරා වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 November 2021
කට්ට පැන්න මන්ත්‍රී ගස් බඳියි මත්පැන් පානය කොට ගල්පාත ප්‍රදේශයේ අශෝබන ලෙස ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි හැසුරුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ප්‍රදේශවාසීන් විසින් ලයිට් කනුවක බැඳ තබා කළුතර උතුර පොලීසියට බාර දෙනු ලැබීය. 22 November 2021
එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් දිවයිනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන සහ සාමය ගොඩනැංවීමේ සහ සාම මෙහෙයුම් කටයුතු පිළිබඳ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණියේය. 22 November 2021
යොහානිට ‘කළා කීර්ති අභිමාණී’ සම්මානය ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය ‘කළා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනමා තිබේ. 22 November 2021
‘‘ඩෙල්ටා අලුත් ප්‍රභේදය දරුවන් සහ තරුණයන් අතරේ පැතිරීමේ අවදානමක්‘‘ මෙරටින් හමුවූ කොරෝනා ඩෙල්ටා උප ප්‍රභේදය පාසල් ළමයින් සහ තරුණ ප්‍රජාව අතර පැතිරීම සුලභව දැකිය හැකි බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 22 November 2021
කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තිදෙනකුට කොරෝනා සිම්බාබ්වේහිදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්රීඩකඩිකාවන් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. 21 November 2021
‘‘පොහොර නැවත ගෙන්වන්න ජනපති සමග හෙට සාකච්ඡා කරනවා‘‘ වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක නැවත ආයනයන කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම හෙට (22) පෙරවරුවේ සාකච්ඡා කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (21) පැවසීය. 21 November 2021
‘‘වී සහ එළවළුවලට රසායනික පොහොර ගෙන්නේ නෑ‘‘ වී සහ එළවළු වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට රජය මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකාදීපයට පැවසීය. 21 November 2021
ලොව පුරා කොරෝනා වත්මන් තත්ත්වය ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 21 November 2021
කොරෝනා ආසාදිතයන් 508ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 508 දෙනකු අද (21) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 21 November 2021
පාස්කු ප්‍රහාරයට ජීවිත පීදූවන්ට සාධාරණය ඉල්ලති පාස්කු ප්‍රහාරය සිදුවී මාස 31ක් සම්පූර්ණ වෙද්දීත් ඉන් මියගිය අයට සාධාරණය ඉටු නොවූ බව පවසමින් ‘අලුත් පියාපත්’ ව්‍යාපාරය මගින් සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් කොළඹ, නිදහස් චතුරස්රයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි. 21 November 2021
කොරෝනා මරණ 19ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 November 2021
කාල ළඟදීම කාලක්ක්‍රියා කරයි කාලේ මත්පැන් බෝතල් තහනම් කිරීමට අනිවාර්යයෙන් පියවර ගන්නා බවත් ඒ සඳහා වන සාකච්ඡා මෙම සතිය තුළ ආරම්භ කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 21 November 2021
වගකීම් පැහැර හැරිය හොත් ඉදිරිය භායානකයි කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම දිනකට 700 සීමාව පැන ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 21 November 2021
බසයේ වැටී තිබූ මුදල් පාර්සලය වංචා කළ රියැදුරා මාට්ටු ශල්‍ය කර්මයකට ලැබුණු රුපියල් ලක්ෂ හතක් සහ ඩොලර් නෝට්ටු තොගයක් වංචනිව තබාගත් බස් කොන්දොස්තර්වරයකුගෙන් නැවත එහි හිමිකරුට ලබාදීමට බැස්ටියන් මාවත පොලිස් මුරපොළේ නිලධාරීහු අද කටයුතු කළහ. 21 November 2021
ඇතැම් සිගරැට් රුපියල් 10 කින් වැඩි වෙලා සිගරැට් සඳහා අයවැයෙන් පැනවූ රුපියල් 5ක බද්ද නිෂ්පාදන බද්දක් වීම නිසා ඇතැම් සිගරැට්වල මිල රුපියල් 5 කට වඩා වැඩි මුදලින් ඉහළ යෑමේ අවස්ථාව ඇති බව දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා ‘ ලංකාදීප‘ යට පැවසීය. 21 November 2021
කොරෝනා වයිරසය බණ්ඩාරගම පිරිවෙනක් වහයි බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවනේ හිමිවරුන් 23 දෙනකු ඇතුළු 25 දෙනකුට කොරෝනා වයිරසය ආසාධිත බවට තහවුරු වීම නිසා පිරිවෙන අද සිට තාවකාලිකව වසා දැමු බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි. 21 November 2021
රැල්ල පා ගන්න ගිය දෙදරු මව මුහුදට බිලි මාරවිල මුදුකටුව පදිංචිව සිටින සිය දියණියගේ නිවසට පැමිණ සිටි දෙදරු මවක අද දහවල් එකට පමණ මාරවිල මූදුකටුව මුහුදු වෙරළේ රැලි පාගමින් සිටියදී මුහුදු රැල්ලකට ගසාගෙන ගොස් මරණයට පත්වී ඇතැයි මාරවිල පොලීසිය කියයි. 21 November 2021
මහ බැංකුවට සහකාර අධිපතිවරු සිව්දෙනෙක් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව සහකාර අධිපතිවරුන් සිව්දෙනෙකු පත්කර තිබේ. 21 November 2021
සමාජ මාධ්‍ය පරිස්සමින් පරිහරණය කරන්න ස්වදේශ කටයුතු අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ නිලධාරීන් සහ අමාත්‍යංශ තීරණ පහත් ලෙස සමච්චලයට සහ අපහසුතාවට පත්වන ලෙස සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රකාශ පළ නොකරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ රාජ්‍ය සේවයේ කටයුතු කරන නිලධාරීන් දැනුවත් කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ. 21 November 2021
එන්නත් ගත් අයට ප්‍රතිකර දෙන්න ගිය සායනයකට අධිකරණයෙන් තහනමක් කෝවිඩ් මර්දන එන්නත් ලබාගැනීමෙන් පසුව අතුරු ආබාධ ඇති වූ පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා පැවැත් වූ බව කියන දේශීය වෛද්‍ය සායනයක් තහනම් කිරීමට ඉඟිනියාගල පොලිසිය පියවර ගෙන ඇත. 21 November 2021
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම හෙට අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) පිළිබඳ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට ( 22) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. 21 November 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026