(ඩයනා උදයංගනී)

ලබන්නා වූ නව වසරට සෙත් පතා ඓතිහාසික කතරගම පුදබිමෙහි අද (31) පැවැත්වෙන ආගමික වතාවත් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරු ද සහභාගී වූහ.

කිරිවෙහෙර රජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව උන්වහන්සේගේ සුවදුක් විචාරමින් කෙටි පිළිසඳරක ද නිරත වූහ.
 
අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සහ රුහුණු කතරගම මහා දේවාලයේ  බස්නායක නිලමේ දිශාන් ගුණසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.