
(එස්. ඩි .කොඩිකාර)
දෙනියාය ,පල්ලෙගම සත්මාල ඇල්ලේ දිය නෑමට පැමිණි එකම පවුලේ පිය පුතු දෙපළක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙනියාය පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහ හපුගල, ගිංතොට ,ගාල්ල ලිපිනයේ පදිංචි මොහොමඩ් තාහීර් මොහොමඩ් මන්සාර් නැමති (48) හැවිරිදි පියා සහ මොහොමඩ් මන්සාර් මොහොමඩ් මාහීර් නැමැති (16) හැවිරිදි පුතා බව පොලිසිය කියයි.
සිය පුතා දෙවන මහලේ සිට ජායාරූපයක් ගැනීමට සූදානම් වෙද්දී ඔහු පය ලිස්සා ඇල්ලට වැටී ඇති අතර ඔහු බේරා ගැනීමට පියා ඇල්ලට පැන ඇති අතර පසුව දෙදෙනාම දියේ ගිලී ඇතැයි පොලිසිය කියයි.
මිය ගිය දෙදෙනාගේ සිරුරු ගොඩ ගැනීම සඳහා පොලිසිය නාවික හමුදාවේ සහය පතා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංගා, දියඇලි, සහ මුහුදේ දිය නාන අවස්ථාවලදී... දිගු නයිලෝන් නූලක කෙළවර ගැට ගැසූ හුලං පිරවු රබර් ටියුබයක් සහ පහසුවෙන් අතට හසුවන නයිලෝන් දැලක් ළඟ තබා ගැනීම අනිවාර්ය කරමින් නීතියක් ගැසට් කරන්න. බොහෝ මරණ වළක්වා ගත හැකියි...
හැමදාම පුවත්වල මෙවැනි අනතුරු අහන්න ලැබෙද්දි ආයෙ ආයෙත් මේවා සිද්ද වෙන එක පුදුමයි.... මිනිස්සුන්ට දෙයක් තේරුම් ගන්න බැරි ඇයි?...
රටේ කන්න බොන්න සල්ලි නැහැ... ඒත් විනෝද චාරිකාවල නම් අඩුවක් නැහැ.