රන් භාණ්ඩ සොරාගත්තැයි කියූ කත නිදොස් කොට නිදහස් සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කිරිමේ දි නීතියට අනුව නිසියාකාරව සිදු නොකළහොත් විත්ති පාර්ශවයට වන්දි ගෙවීම සඳහා අදාල පොලිසියට නියෝග කිරීමට සිදු වන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (23) කුරුඳුවත්ත පොලිසිය වෙත අවවාද කරමින් සඳහන් කළේය. 23 November 2021
පාලම් පාරුව පෙරළිමෙන් කුපිත වු පිරිස් පා.ම. නිවසට පහර දීලා පාළම පාරුව පෙරළී හය දෙනකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියට කුපිත වු පිරිසක් මුස්ලිම් කොන්ග්‍රසයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම් එස් තවුහික් මහතාගේ කින්නියා නිවසට පහර දී අලාභ හානි සිදුකර ඇති බව පොලිසිය කියයි 23 November 2021
හරිත ඵලදායිතා මෙවලම් සහ ශිල්ප ක්‍රම භාවිතය වෙනුවෙන් විජය පුවත්පත් සමාගම ඇගයේ කම්කරු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සහ ආසියානු ඵලදායීතා සංවිධානයේ දායකත්වය ඇතිව ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය සංවිධානය කල ‘හරිත ඵලදාතා මෙවලම් සහ ශිල්ප ක්‍රම මුද්‍රණ කර්මාන්තයට ව්‍යාප්ත කිරීමේ සම්මන්ත්‍රණය’ කම්කරු අමාත්‍ය නිමල් සිරිපල ද සිල්වා මහතාගේ ප්‍රදානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (22) පැවැත්විණි. 23 November 2021
පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූ මවුලවිවරු ඇතුළු 25 ට එරෙහි නඩුව කල් යයි කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 250 කට අධික පිරිසක් මරා දමා තවත් 500 කට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවි වරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙනාට එරෙහි නඩුව ලබන වසරේ ජනවාරී මස 12 වැනිදා යළි කැඳවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (23) නියම කළේය. 23 November 2021
'රක්ෂණ නියෝජිතයන්ට සාධාරණය ඉටු කරන්න නීති ගේනවා' රක්ෂණ නියෝජිතයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා නීති ගෙනඒම සඳහා සූදානම් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2021
කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කරයි කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ( බී පැකේජය) බ්‍රහස්පතින්දා (25) පෙරවරුවේ සුබ මොහොතින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 23 November 2021
ස.ජ.බ.ට සහය දැක්වූ 21 ක් යළි එජාපයට එක්සත් ජාතික පක්ෂය හැරගොස් සමගි ජන බලවේගයට සහයෝගය දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් 21 දෙනෙකු නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 23 November 2021
එල්.පී.එල්. බලන්න ප්රේක්ෂයන්ට අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීමට සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට ක්‍රීඩාංගණයට පැමිණීමට අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 23 November 2021
'අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට අටක්වත් වෙන් කරන්න' දළ ජාතික නිෂ්පාදනයෙන් 8% ක් වත් අධ්‍යාපනය සඳහා ඉදිරියේදී වෙන් කිරීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා කොළඹ දී පැවසීය. 23 November 2021
පාරුව පෙරළි මිය ගිය අය අතර මව සහ දරු දෙදෙනා ත්‍රිකුණාමලය කින්නියා කුරිඤ්ඤකර්නි කලපුවේ පාරුවක් පෙරළීමෙන් මිය ගිය 6 දෙනා අතර එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනාත්, තවත් පවුලක වැඩිමහල් දරුවන් දෙදෙනාත් සිටින බවට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 23 November 2021
'පාස්කු ප්‍රහාරයේ ඇත්ත සඟවා ඒ් ගැන සොයන අයගේ කටවල් වහනවා' පාස්කු ඉරුදින ප්‍රහාරයේ ඇත්ත සොයනවා වෙනුවට ඒ පිළිබඳ කතා කරන අයගේ කටවල් වැසීම ආණ්ඩුවේ වැඩපිළිවෙළ බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය. 23 November 2021
මහින්ද සමරසිංහ මන්ත්‍රී ධූරයෙන් ඉවත් වී ඇමරිකා යයි ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාරගැනීම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී ලබන 29 වැනිදා එරට බලා පිටත්ව යන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය. 23 November 2021
පාර්ලිමේන්තු ගුරුත්වය කෙළෙසන පිරිසක් ගැන මන්ත්‍රිනී හරිනි කියයි පාර්ලිමේන්තුවෙි දී කාන්තාවන්ට හිංසාකාරී අයුරින් ලෙස සලකන පුද්ගලයන් මෙන් ම ඊට අනුබල දෙන අයත් පාර්ලිමේන්තු ගරුත්වය කෙළෙසෙන බව පත් කළ මන්ත්රීනී හරිනි අමරසූරිය මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද පැවසුවාය . 23 November 2021
මන්ත්‍රීවරියන්ගේ අයිතීන් වෙනුවෙන් හිටපු අගමැතිගෙන් යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට යම් අපහාසයක් හෝ හිරිහැරයක් සිදු වුවහොත් ඒ ගැන පියවර ගැනීමේ අයිතිය කාන්තා මන්ත්‍රී සංසදයට ලබාදිය යුතු යැයි කතානායකවරයාට යෝජනා කරන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද(23) පැවසීය. 23 November 2021
උද්ධමනය තව දුරටත් ඉහළට ශ්‍රී ලංකාව තුළ භාන්ඩ මිල ඉහළ යෑම හෙවත් උද්ධමනය පසුගිය ඔක්තෝබර් මස තුළ 8.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 23 November 2021
අගමැතිගෙන් තරුණ තරුණියන්ට විවෘත ආරාධනාවක් රටේ ආර්ථිකය ගොඩනැංවීමට එකතු වන්නැයි තමා තරුණ තරුණියන්ට ආරාධනයක් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 23 November 2021
සෞඛ්‍ය පුරුදු කඩන්නන් සොයා මෙහෙයුම් බස්නාහිර පලාත තුළ ගැවෙන පිරිස් මුඛ ආවරණ නිසි අයුරින් පැළඳ සිටින්නේ එය ද යන්න සොයා බැලීමේ විශේෂ මෙහෙයුමක් අද දින සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය. 23 November 2021
මන්ත්‍රී ඩයනාගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න අවසර තමාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රීනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කල පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (23 ) පෙත්සමේ වගඋත්තරකරුවන්ට අවසර ලබා දුන්නේය. 23 November 2021
නීතිවිරෝධීව ඉන්දියාවට රන් රැගෙන ගිය ලාංකිකයින් 10 ක් අත්අඩංගුවට මෙරට සිට ඉන්දියාවට නීතිවිරෝධී ලෙස රත්රන් කිලෝ තුනක් රැගෙන පැමිණි ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු බැංගලෝර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී එරට රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියා සිටී. 23 November 2021
ලක්සල පළමු ඇඳුම් තොගය හෙට ඇමරිකාවට ලක්සල පළමු නිමි ඇඳුම් තොගය ඇමරිකාවට හෙට පිටත්කර යවන බව බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 November 2021
හම්බන්තොට වරාය - බී.ඕ.අයි. අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දකුණු පළාත් කර්මාන්ත සඳහා හවුල් සේවාවන් ලබාදීම සඳහා ‘ඒකාබද්ධ පරිශීලක සේවා‘ අවබෝධතා ගිවිසුමකට අස්සන් තැබීය. 23 November 2021
තිස්ස කුට්ටිආරච්චිට කතානායක අවවාද කරයි බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා කාන්තාවන්ට අගෞරව සහ අපහාස වන ආකාරයෙන් කතා කිරීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2021
‘ඉන්ධන මිල සූත්‍රය ගෙනාවට කමක් නෑ’ ඉන්ධන මීට ස්ථායිකරණ කමිටුව ස්ථාපිත නොකරන්නේ නම් ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2021
පළාත් කිහිපයකට තරමක් තද වැසි දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (23) සිට රට පුරා වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 November 2021
පාලම් පාරුව පෙරළී අතුරුදන්වුන්ගෙන් 17 ක් බේරා ගැනෙති කින්නියා කුරුඤ්ඤන්කේනී හි පාලම් පාරුවක් පෙරළීමෙන් අතුරුදන් පිරිසෙන් පුද්ගලයන් 17 දෙනෙකු දැනට බේරා ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. බේරාගත් පිරිස අතර පාසල් ළමුන් තිදෙනකු ද සිටින බව නාවික හමුදාව කියයි. 23 November 2021
ඩයිනමයිට් යොදා ඇල්ලූ මාළු විකුණන්න බැරි වෙයි ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මාලු තොගයක් හලාවත ගැනුම්කරුවන් පිරිසකට අලෙවිකරද්දි සැකකරුවන් හයදෙනෙකු නිලාවේලි පොලිස් වසමට අයත් කෝනේෂපුරි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් ත්‍රිකුණාමල ධිවර නිලධාරිහු පවසයි. 23 November 2021
පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට රජය තීරණයක් ගෙන නොතිබියදී ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා එම තනතුරෙන් වහාම ඉවත් කිරීමට උපදෙස්දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2021
දඹුල්ලට එළවළු ලැබීම ඉහළට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද දින එළවළු ලැබීම් යම් මට්ටමකින් ඉහළ මට්ටමක පැවැති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ කියති. 23 November 2021
ගාමිණී ලොකුගේට කොරෝනා විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 23 November 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026