කෝටි ලක්ෂයක භාණ්ඩාගාර බිල්පත් යෝජනාවට මුදල් සභාවේ අනුමැතිය මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රුපියල් කෝටි ලක්ෂයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා වන යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය අද (22) හිමිවිය. 22 June 2021
මිනුවන්ගොඩ ඝාතනයට පහක් පොලිස් දැලේ සරුංගල් ප්‍රශ්නයක් මුල් කරගෙන ඇතිවූ ආරවුලෙන් පසු මිනුවන්ගොඩ කොටගෙදර ප්‍රදේශයේ දී 23 හැවිරිදි එක්දරු පියකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පියකු පුතුන් දෙදෙනකු ඇතුළුපස් දෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 22 June 2021
නීති විරෝධි ජාවාරම් මඬින්න මෙහෙයුම් දැඩිකරයි නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ පරිසර හානි සිදුකරමින් සිදුකරන නීතිවිරෝධී ජාවාරම් මැඬපැවැත්වීම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන ලෙසට ආරකෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා දිවයින පුරා විසිරී ඇති ආරක්ෂක සේනා මූලස්ථාන වෙත දැනුම් දී ඇති බව යුද හමුදාව පවසයි. 22 June 2021
‘තෙල් සංස්ථාව විකුණන්නේ නැහැ' ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බවත් එවැනි කටයුත්තකට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය. 22 June 2021
තෙල් පිරිපහදුව අවට පවුල්වලට රුපියල් ලක්ෂ 20ක වන්දි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් පවිත්‍රාගාරයකින් ගංවතුරට තෙල් මිශ්‍රවීමෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් ලක්ෂ 20 කට ආසනන් මුදලක් (රුපියල් 1,933,000) වන්දි ගෙවීමට ඒ පිළිබඳව සොයා බැලීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පත්කළ ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ. 22 June 2021
වික්ටෝරියා වේල්ල වටේට භූ කම්පන මාන සවි කරයි සුළු භූ චලන නිරන්තරයෙන් වාර්තා වන වික්ටෝරියා වේල්ල ආශ්රිත ප්‍රදේශවල නව භූ කම්පන මාන 10 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යණීම් කාර්යාංශය පවසයි. 22 June 2021
‘‘යහපාලන ආණ්ඩුව කෝටි 250ක වී සත්ව ආහාරවලට වික්කා‘‘ යහපාලන රජය සමයේදී මිනිස් පරිභෝජනයට සුදුසු හොඳ තත්වයේ පැවති වී මෙට්‍රික් ටොන් 88615 සත්ව ආහාර ලෙස අඩු මිලට විකිණීමෙන් රුපියල් කෝටි 250 කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. 22 June 2021
චීනෙන් වරායට තෑගි දුන් පී.සී.ආර් යන්ත්‍රය තැබූ තැනම පැළවෙයි කොවිඩ් වසංගත තතත්ත්වය හමුවේ කොළඹ වරාය වෙත ප්රදානය කළ නවීන පී.සී.ආර් යන්ත්‍රයක් හා එහි උපකකරණ මාස තුනක පමණ කාලයක් පුරා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වරාය රසායනාගාරයේ තබා ඇතැයි වරාය ආරංචි මාර්ග පවසයි. 22 June 2021
කෘෂිකර්ම ඇමැතිගෙන් වී මෝල් හිමියන්ට චෝදනාවක් ඇතැම් මහා පරිමාණ මෝල්කරුවන් වී සඟවා රුපියල් බිලියන ගණන් ලාභ උපයන බවත් සහල් කිලෝවකින් රුපියල් විස්සකට වැඩි ලාභයක් ලබන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) හෙළි කළේය. 22 June 2021
කොරෝනා පාලනට කෝටි විසිදාහේ පරිපූරකය මැතිසබයට කොරෝනා පාලනය සහ රජයේ අනෙකුත් වියදම් සඳහා අමතර රුපියල් කෝටි විසි දාහක මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය . 22 June 2021
කොවිඩ් පනත ගැන කතානායකගෙන් නිවේදනයක් කොවිඩ් 19 තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති පෙත්සමක පිටපතක් තමාට ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දුන්නේය . 22 June 2021
කොළඹ සහ රත්නපුර තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කරයි කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්වල කොළොන්නාව සහ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශවල කොටවල සහ සේරපුර යන ග්‍රාමනිලධාරී වසම් දෙක අද (22) පෙරවරු 6.00 සිට හුදකලා කළ බව ‘කොවිඩ් 19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 22 June 2021
උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කතානායකට ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි සමගි ජනබලවේගය ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව අද(22) පෙරවරුවෙහි කථානායකවරයාට භාර දෙනුු ලැබීය. 22 June 2021
‘‘රට කරන්න බැරිනම් කළ හැකි කණ්ඩායමකට දෙන්න‘‘ ජනතාව තව තවත් පීඩාවට පත් නොකර ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 22 June 2021
විපක්ෂ මන්ත්‍රීවරු රථ පෙලපාලියෙන් මැති සබයට ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විවිධ රථ පෙළපාලියකින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට අද (22) පැමිණියහ. 22 June 2021
කටාරයේ ලාංකිකයින්ගෙන් තවත් ඔක්සිජින් සිලින්ඩර පරිත්‍යාගයක් කටාරයේ වෙසෙන ලාංකිකයින් හා එරට ව්‍යාපාරික ප්‍රජාව විසින් පරිත්‍යාග කළ තවත් ඔක්සිජන් සිලින්ඩර 125ක් සහ ඔක්සිජන් පාලක යන්ත්‍ර 10 ක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 22 June 2021
නිරෝධායන නීති කැඩු 369 ක් අත්අඩංගුවට සංචරණ සීමා ඉවත් කළ ඊයේ(21) දිනය තුළ පමණක් නිරෝධායන නීති උල්ලංඝනය කළ 396 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 22 June 2021
කාලගුණයේ වෙනසක් හෙට සිට දැනට පවතින කාලගුණ තත්වයේ වෙනසක් හෙට (23) සිට බලාපොරොත්තු වන බවත් ඒ අනුව වැසි තත්වයේ වැඩිවීමක් සිදුවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 June 2021
ගුවන් භටයාගේ අමුතුම රාජකාරිය 2019 වසරේ සිට හිගුරක්ගොඩ ප්‍රදේශයේ නිවාස රැසක් බිඳ දේපළ සොරාගත් බව කියන ගුවන් හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 June 2021
‘‘රේගු දඩ නොගෙවා අධිකරණයට යාම නිසා කෝටි 6300ක් රජයට අහිමි වෙලා‘‘ නීති විරෝධී ලෙස භාණ්ඩ ආනයනය හා අපනයනය කරන පිරිස් රේගුව මගින් අත්අඩංගුවට ගෙන නියම කරන දඩමුදල් නොගෙවා අධිකරණයේ නඩු පැවරීම නිසා රජයට ලැබිය යුතු රුපියල් කෝටි 6300 කට අධික ආදායමක් අහිමිවී ඇතැයි රේගු දෙපාර්තමේන්තුව පවසයි. 22 June 2021
සහල් කිලෝවක් 100ට දෙන්න එතෙරින් සහල් ගෙන්නයි වෙළඳපොලේ පවතින සහල් මිල පාලනය කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (21) රාත්‍රියේ තීරණය කළේය . 22 June 2021
පළාත් පනින්න ආ 266 ආපසු හරවා යවයි කොරොනා වසංගතය හේතුවෙන් පළාත් අතර සංචරණ සීමා පනවා තිබියදී එම සීමා නොතකා බස්නාහිර පළාතට ඇතුළුවීමට උත්සාහ ගත් 266 දෙනකු ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 22 June 2021
රට ඇරියදා අනතුරුවලින් 11 මරුට රිය අනතුරුවලින් ඊයේ (21) දිනය තුළ පුද්ගලයන් 11 දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 22 June 2021
ජී.එම්.ඕ.ඒ. නිලවරණය 26 නෑ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා ලබන 26 වැනි දා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පැවැත්වීමෙන් වළකින ලෙස දැනුම් දුන් කොළඹ දිසා අධිකරණය වත්මන් විධායක කමිටුවේ කටයුතු පවත්වාගෙන යෑමට බාධා නොකරන ලෙස ද දැනුම් දුන්නේය. 21 June 2021
කොවිඩ් මරණ තවත් 52ක් කොවිඩ් ආසාදිතවූ තවත් 52 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 June 2021
උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත්ට නොතීසි මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ චෝදනාවකට වැඩ තහනමට ලක්ව සිටි රඹෑව ප්‍රාදේශීය සභා සභාපතිවරයා එම තනතුරෙහි නැවත පිහිටුවීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජූලි මස 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය. 21 June 2021
කොස්තාපල්ගේ වෙඩි පහරින් ටිපර් රියැදුරා මරුට මඩකපුව, සින්නඌරනී ප්‍රදේශයේදී අද (21) පස්වරු 5.10 ට පමණ ඇමති ආරක්ෂක පොලිස් කොස්තාපල්වරයකු සිදුකළ වෙඩි තැබීමකින් ටිපර් රථ රියදුරකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 21 June 2021
යුපුන් ටෝකියෝ ඔලිම්පික් දොරටුව අභියස ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකොන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ මීටර 100 පිරිමි ඉසව්වේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව 46 වැනි ස්ථානයට පැමිණීමත් සමඟ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට වැඩි ඉඩක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසයි. 21 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,732ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,732 දෙනකු අද (21) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 21 June 2021
මාලිනී ගෝවින්නගේ දිවි සැරිය නිමාකරයි ප්‍රවීණ සාහිත්‍යවේදිනියක්, පුවත්පත් කලාවේදිනියක්, ලේඛිකාවක්, මෙන්ම කිවිඳියක් වූ මාලිනී ගොවින්නගේ මෙනවිය අද (21) අභාවප්‍රාප්ත වූවාය. 21 June 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026