
(මහේෂ් කීර්තිරත්න)
20 වැනි සංශෝධනය වහාම අවලංගු කළ යුතු බවත් 19 වැනි සංශෝධනයේ අඩුපාඩු සකසා යළි ගෙන ආ යුතු බවත් හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
තනි පක්ෂයකට යළි ආණ්ඩුවක් පිහිටුවන්න බෑ. එම නිසා හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් තොරව නව සංධාන ආණ්ඩුවක් යටතේ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස්කරමින් නව ගමනකට නායකත්වය දෙන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂය සූදානම්.
ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා සෑම ස්ථානයක ඉන්නේ හොරු. ප්‍රාදේශීය සභාව වැලි පර්මිට් එකෙන් කොමිස් ගහනවා. පාර්ලිමේන්තුවට ගියාම ව්‍යාපෘතිවලින් හා ටෙන්ඩර්වලින් කොමිස් ගහනවා.
ආණ්ඩුව රජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට හයේ පහරක් එල්ල කළ බව ද පැවැසීය.
මාතලේ ද ග්‍රෑන් මවුන්ටන් හෝටලයේ පැවැති දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමින් හිටපු ජනපතිවරයා මේ බව පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට එදා ලොකුවට අත ඉස්සුවේ නැද්ද?
අනපේක්ෂිත කොවිඩ් ව්‍යසනය නිසා ඉලක්ක වලට යා නොහැකි වුවත්, අති බහුතර ජනතාවක් හවුල් කාරයන්ගෙන් වලින් තොර ශක්තිමත් රජයක් බලයට ගෙන ආ අරමුණු පැහැදිලිව හඳුනාගෙන ඉදිරියේදී ක්‍රියා කලහොත් නැවත තනි පක්ෂයකට බලයට ඒ්ම අපහසු නොවේ. තනි පක්ෂයක් බලයට ඒම නොඉවසන කණ්ඩායම් වල අරමුණු ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම රජයේ, විපක්ෂයේ මෙන්ම වෙනත් සංවිධාන වලද ඇතැමුන්ගේ පරමාර්ථය විය හැකි බැවින් එම අරමුණට පාර නොකැපීමට රජයත් බහුතර ජනතාවත් වග බලා ගත යුතුව ඇත.
ගෝලයෝ ටික විස්සට අත උස්සන කොට කොහෙද හිටියේ?
ගෝලයාට හයේ පහර වැදුනම කැප්ටන්ට තරු පෙනිලා වගේ. ඊලගට දයාසිරිට හයේ පහර වදින්නේ. ඊට පස්සේ අමරවීරට. දිට්ඨධම්මවේදනීය කර්ම පලිසන්දෙනවා.
අනේ මෙහෙමත් පිස්සෙක් ලංකාවේ ජනාධිපති වෙලා හිටියනේ. මාතලේ ජනතාව හූ තිබ්බේ නැද්ද ?
අවසාන නිගමනය ලැජ්ජා නොවී කියන්න. රනිල් හරි කියලා.
නිකං ඉන්න මහත්තයා . මේ රට හදන්න නම් ඒකාධිපති තද පාලකයන් ඉන්න ඕන .
මෙයා දෙපැත්ත කන පොලන්ගෙක්
ජනතාව දීපු බලය නිකරුණේ විනාශකර දමලා දැන් එනවා බණ කියන්න.. ආරක්ෂක ඇමැතිකම හරියට කරන්න බැරිනම් බාරගත්තේ කුමටද?
තනිව බැරුව මුක්කු ගහන්නේ ඔයාලා. මේ සැරේ ජේවීපී තමයි තනි ආණ්ඩුව පිහිටුවන්නේ
ආයෙත් ලෙඩේ උත්සන්න වෙනවා.
ලොක්කට ප්‍රජා අයිතිය අහෝසි කරගන්න ආසාවක් ඇති වෙලා වගේ
සුජීව කියන්නේ බත් බැලයෙක්. මේ අය තාමත් ආණ්ඩුවට කඩේ යයි..
ලංකාවේ තිබෙන සියයක් හෝ ආසන්න පක්ෂ තිබෙන තුරු රටට වගතුවක් නැහැ. ඒ නිසා නොපමාව ඡන්ද බලයක් නොමැති සියලු පක්ෂ ඉදිරි මැතිවරණයට පසුව අවලංගු කළ යුතුයි...
මෙයා දන්නවා ඔය 19ය කොවිඩ් 19 යටත්... වඩා දරුණුයි. ඒකයි ඔය තදියම... අනේද කියන්නේ...?
අනේ දෙවියනේ සිරිබිරිස් ආයෙ ආයෙමත් වර්ණනා කරනවා.
ඉස්සෙල්ලම කොන්දට දෙකේ දෙකේ මිල්ල ලීයක් බැඳගන්න.
ව්‍යවස්ථාව මොන සංශෝදන ගෙනාවත් වැඩක් නැහැ.එය ක්‍රියාත්මක කිරීමට බන්දී සිටින මිනිසාගේ මනස සංශෝදනය උනේ නැතිනම්