
(ඇමි .ඩබ්ලිව් .සෝමරත්න )
බෙදීමට තිබූ ලිපි ළඟ තබාගත්තැයි මාතලේ බලකඩුව ප්‍රදේශයේ ලියුමි බෙදන්නකුගේ සේවය අද (04) සිට වහාම අත්හිටු වු බව මාතලේ ප්‍රාදේශිය තැපල් අධිකාරි අනුර රත්නායක මහතා පැවසීය.
උකුවෙල තැපල් කාර්යාලයට අනියුක්ත මොහු බලකඩුව ,පංසලතැන්න යන වතුවල ලියුමි මාසයකට වැඩිකාලයක් බෙදිම සිදු කර නොමැති බව පරික්ෂණ වලින් හෙලිවි ඇතැයි ප්‍රාදේශිය තැපැල් අධිකාරීවරයා පැවසීය.
මෙම ලියුම් බෙදන්නා බාරයට ගත් ලියුම් 10 කට වැඩි ප්‍රමාණයක් ඔහුගේ බලකඩුව ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබි සොයා ගෙන තිබේ.
ඒ අතර ප්‍රාදේශීය රාජකාරි,පාසල් ලමුන්ගේ විභාගවලට සමිබන්දව ලිපි,සහ මුල්‍ය ආයතන වල ලිපිතිබුන බවත් ඒවායෙන් ඇතැමි ලිපි වේයෝ කා විනාශ වි තිබුණු බවද තැපල් අධිකරි අනුර රත්නායක මහතා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගේ විදෙස් දිවියේ බොහෝ කලක සිට ලංකාවේ ගෙදරට නිතර පික්චර් පෝස්ට්කාර්ඩ් යැවීම සිරිතක් විය. බොහෝ කාර්ඩ් ගෙදරට ලැබුනේ නැත. නිති පතා අපේ නිවසට ලියුම් බෙදන මහතාටද මේ බව පැවසූවත් ඔහු කීවේ කොලඹ මහ තැපැල් කන්තෝරුවේදී නැතිවිය හැකි බවකි. කලකට පසු ඔහුගේ මරණ ගෙදර මම ගියවිට මා දුටුවේ ඔහු සුරක්ශිතව කලක් එකතු කල පික්චර් පෝස්ට් කාර්ඩ් ඇල්බමයකි. එහි මා එවූ බොහෝ කාර්ඩ් දැකගත හැකි විය.
පියුම් මහත්වාරුනම් ඔහොම කරන්නේ බොහොම කලාතුරකින්.
කිසිම වගකීමක් නැතිව මෙවැනි වැඩ කරන එවුන්ව නැවත සේවයේ ස්ථාපිත කරන්නේ නැතුව සේවයෙන් පහ කරලා එළවලා දාන්න තමයි තියෙන්නේ