(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
මේ දුෂ්කර අවස්ථාවේ භික්ෂූන් වහන්සේලාට දානය සකස් කිරීමේදී වෑංඡනයකට දෙකකට සීමා කර ඉතාමත් සරලව දානය පිළියෙල කරන්නැයි සමස්ත භික්ෂූ පරපුර වෙනුවෙන් සියලූ පිංවතුන්ට කරුණාවෙන් මතක් කරන බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
‘දායක පින්වතුන්ගේ කාරුණික අනුග්‍රහයෙන් තමයි භික්ෂූන් වහන්සේලා යැපෙන්නේ. භාණ්ඩවල මිල පාලනය සම්පූර්ණයෙන් ම ගිලිහිලා රජයක පාලනයක් වන බවක් පේන්න නැතිකම වර්තමානයේ ඇති ලොකුම ගැටලූවයි.
‘ඒ නිසා දායකදායිකාවන් දානමාන පිරිනැමීමේ දී ඉතාම අපහසුතාවකට පත්වන බව ඉතාමත් ම පැහැදිලියි. එබැවින් මේ දුෂ්කර අවස්ථාව සලකලා සරල විදියට දානමාන ආදිය සකස් කරන ලෙස සමස්ත භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්ම දායක දායිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා.
‘විශාල වශයෙක් පුදපූජා වැනි දේ සංවිධානය කරන්න එපා. ප්‍රදර්ශනාත්මක දානමානාදී පුදපූජා සංවිධානය කරන්න එපා. ඉතාමත් සරලව අවස්ථානුකූලව, දානය සකස් කරන්න කියලා අපේ පිංවතුන්ට කරුණාවෙන් මතක් කරනවා.
ඇඹිලිපිටියේ පැවැති මාධ්‍ය හමුවකදී ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මේ බව පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවන්ගේ ඒ ඉල්ලීම ඉතාම විශිෂ්ටයි
රටේ වත්මන් තත්වය උඩ උන්වහන්සේ කල ඉල්ලීම ඉතා අගය කලයුතුයි. ආචාර්ය ඕමල්පේ සෝභිත සුවාමීන්වහන්සේත්, මාවරැල්ලේ භද්ධිය සුවාමීන්වහන්සේත් සහ කාගම ශ්‍රී නන්ද සුවාමීන්වහන්සේත් කොයි මොහොතේත් ඉතා අවංකව, කෙලින් අදහස් පල කරන සුවාමීන්වහන්සේලා.
සරල දාන හැමදාම වැදගත්. කෑමදානය අවැසි ජීවත් වෙන්න පමණි. දානයක අනුසස් එහි ඇති වටිනාකම අනුව නොයන බව දේශනා කළයුතුයි...
මහින්ද මහත්තයා කරනවා වගේ ඉතාම සරල දානයක් දෙන්න.
අපිටත් දැන් කන්න විදිහක් නැතිවයි අපි මේ ඉන්නේ. එක අතකට ඉතින් දුප්පත් අපෙන් මොන දානද?
සරල හරි අනුන්ගෙන්ම කන්න තමයි හිත
අපි දැක්කා ඊයේ අර අලස් මැතිතුමාගේ පස්වන ගුණානුස්මරණය වෙනුවෙන් දේශපාලඥයෝ පිරීගිය ඔය කියපු අන්දමේ ඉතාම සරල දානමය පින්කමක් පැවැත්වූ ආකාරය. ඔය බන කියන්න ඔනෑ ඒ වගේ අයටයි අපේ හාමුදුරුවනේ. සාමාන්‍ය මනුස්සයින්ටනම් කීවත් නැතත් දැන්නම් " ප්‍රදර්ශනාත්මක දාන මාන" දෙන්න තියා පොල් සම්බෝලයි බතුයි පුජා කරන්නවත් පුළුවන්කමක් ඇත්තෙම නැහැ.
තම තමන්ගේ හිතේ සතුටින් දෙන දානය ලොකුවට දෙන්න එපා පොඩියට දෙන්න කියන එකත් පවක්. ඒ වෙනුවට දානේ ගෙවල්වල දාන සාජ්ජ බෝතල් පාටි නවත්තන්න කියන්න.
ඔබ වහන්සේට කවදත් දුප්පත් ජනතාවගේ දුක දැනුනා.
හාමුදුරුවන්ගේ අදහස බොහොම හොඳයි .නමුත් දායකයා තමා දෙන ධානයේ ව්‍යංජන 5 ක් වත් තිබ්බේ නැතිනම් සෑහීමකට පත්වෙන්නේ නැහැ.ඒ අපේ අටේ ධන පිනට ලැදි මිනිස්සුන්ගේ හැටි