කේරළ ගංජා සහ කහ සමඟ 2ක් යාපනයෙන් අල්ලයි ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් රැගෙනඑමින් තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින්යුත් කේරළ ගංජා කිලෝ 174 යි ග්‍රෑම් 50 ක් හා වියලි කහ කිලෝ පහක් සමඟ ධීවරයින් දෙදෙනකු යාපනය තොන්ඩමන්ආරු මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි. 21 June 2021
පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා පමණයි කොවිඩ් අවදානම හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 21 June 2021
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන්ට පිදෙන ‘හිස්වැසුම‘සංගක්කාරට ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැස්තුවට එකතු වූ ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතාට ඒ වෙනුවෙන් පිදෙන විශේෂ ‘හිස් වැස්ම’ ප්රදානය කළේය. 21 June 2021
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය හෙට කථානායකට ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට(22) පෙරවරුවේ කථානායකවරයාට භාර දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය. 21 June 2021
දඹුල්ලේ එළවළු තොග මිල අහස උසට යයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 20 රාත්‍රී 10 ට විවෘත කිරීමත් සමග ලැබෙන එළවළු ප්‍රමාණය ද ,මිලදී ගැනීම සදහා ගැනුම්කරුවන් විශාල වශයෙන් පැමිණීමත් සමග එළවළු මිල ද වෙනදාට වඩා විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. 21 June 2021
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා දැන්ම නෑ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 21 June 2021
කොරෝනාවට බෙහෙත් හදන්න වෛද්‍ය සභාවේ අනුමැතිය අවශ්‍යයි කොරෝනා සඳහා ඖෂධ සොයාගත් බවට ප්‍රචාරය කරන වෛද්‍යවරුන් තමන් සේයාගත් ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා සඳහන් කරයි. 21 June 2021
පළාත් කීපයකට මඳ වැසි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (21) මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 June 2021
සේරුවිල ප්‍රාදේශීය සභා සභාපතිගේ පෙත්සම විභාගයට නොගෙනම විසි කරයි සේරුවිල ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය වීම නිසා එහි සභාපති ධූරයෙන් රණසිංහ බණ්ඩාර (එ.ජා.ප.) මහතා ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ගත් තීරණය නිවැරදි බවට අභියාචනාධිකරණය තහවුරු කළේය. 21 June 2021
රට රටවල කොරේනා වාර්තා ජූනි 20 වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 20 June 2021
‘‘ලංකාදීප‘‘ පවුලේ පුවත්පත් අද සිට ඔබ අතට සංචරණ සීමා පැනවීම නිසා සීමා සහිත ප්‍රදේශයක පාඨකයන් අතරට පත් වූ ලංකාදීප පවුලේ පුවත්පත් අද (21) සිට දිවයින පුරා සියලු පුවත්පත් අලෙවි නියෝජිතයන්ගෙන් ඔබට ලබා ගත හැකියි. 20 June 2021
තැපැල් සේවා හෙට සිට සුපුරුදු පරිදි වැඩ රට පුරා සියලූ තැපැල් සේවා කටයුතු හෙට (21) සිට යළි අරඹන තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 20 June 2021
නීති කඩා පාටි දැමූ ලිඳුල ප්‍රා.සභාපති අත්අඩංගුවට සංචරණ සිමා නිතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වු තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති පි.භාරතිදාසන් මහතා ඇතුළු 07 දෙනකු (20) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පවසයි. 20 June 2021
අරක්කු තොගයක් සමග දෙකක් දැලේ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රජයේ මත්පැන් බෝතල් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු මාලඹේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 20 June 2021
අනූෂ පැල්පිටට සංස්ථා සභාපති ධූරයක් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට මහතාට සංස්ථා සභාපති ධුරයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 June 2021
ගජමුතු සමග දෙකක් මාට්ටු අක්මිමන හියාරේ ප්‍රදේශයේ දි ගජමුතු 04ක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බැව රත්ගම විශේෂ කාර්ය බලකා කදවුර පවසයි. 20 June 2021
කොරෝනා මරණ 47ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 47 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 June 2021
කොරෝනා ආසාදිතයන් 1553ක් වාර්තා වෙයි කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,553 දෙනකු අද (20) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 20 June 2021
රට අරින්න සෞඛ්‍ය කොන්දේසි දැඩි සෞඛ්‍ය කොන්දේසි යටතේ හෙට (21) සිට ජූලි මස 5 වැනි දින දක්වා සංචරණ සීමා ලිහිල් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදන කරයි. 20 June 2021
හෙට සිට දුවන්න දුම්රිය සූදානම් සංචරණ සීමා හෙට (21) අලුයම 4.00 සිට ඉවත් කිරීමට රජය තීරණයත් සමග අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන අයගේ පහසුව තකා දුම්රිය ගමන්වාර කීපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. 20 June 2021
දිසා 12ක වසම් 24ක් හෙට අලුයම 4 සිට හුදකලා කරයි කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට ( 21) අලුයම 4.00 සිට බල පැවැත්වෙන පරිදි හුදෙකලා කෙරේන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි 20 June 2021
නාවික හමුදාවෙන් තලෙයිමන්නාරම රෝහලට පිරිසිදු ජලය නාවික හමුදාව සහ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහලට ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ප්රදානය කළේය. 20 June 2021
මුහුදු ජීවීන් මිය යෑමට හේතුව හොයන්න රටවල් රැසක සහාය කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවීන්ගේ අසාමන්‍ය ලෙස මියයෑමට ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය බලපෑමක් වී ඇතැයිද තහවුරු කරගැනීමට රටවල් කීපයකට සාම්පල් යොමු කිරීමට තීරණය කර ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි. 20 June 2021
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ තනතුරට සමිත ගිණිගේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ බලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පත් කර තිබේ. 20 June 2021
‘‘කැස්බෑවුන් මියගොස් ඇත්තේ තෙල් තට්ටුව නිසා ‘‘ මුහුදු ජලය මත තිබු තෙල් තට්ටු හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකි ව කැස්බෑවුන් මිය ගොස් ඇති බවට එම සිරුරු සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරික්ෂණවලින් හෙළි වී ඇතැයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා පවසයි. 20 June 2021
රටබීම අලෙවිසල් හෙට සිටි විවෘතයි සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දිවයින පුරා මත්පැන් අලෙවිසල්ද හෙට සිට විවෘත කිරිමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 20 June 2021
ආයුර්වේදයට මුවා වී කසිප්පු විකිණූ ත්‍රිරොද රියැදුරා මාට්ටු වේදනා නාශක ආයුර්වේද දියර බෝතල් වශයෙන් හඳුන්වා දෙමින් සංචරණ සීමා සමයේ නීති විරෝධී මත්පැන් විකුණූ ත්රිරෝදරථ රියදුරෙකු වත්තල දී අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය කියයි. 20 June 2021
පාසල් විවෘත කිරීම පිළිබඳ කමිටු වාර්තාව ළඟදීම ජනපතිට පාසල් හා පෙර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු ළමා රෝග විශේෂඥයන් ඇතුළු වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත ස්වෙච්ඡා කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරියේදී බාරදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. 20 June 2021
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ හෙට රැස්වෙති පාර්ලිමේන්තුව ලබන සතියේදී රැස්වන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (21)උදේ 9.30ට පැවැත්වේ. 20 June 2021
විදුලි රැහැනෙන් ආ මාරයා මවත් පුතාත් බිලි ගනී තම ගොවිබිම වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා තැනූ පැලට ඇද තිබූ විදුලි රැහැනක් ඇඟමතට කඩා වැටීමෙන් මවක සහ පුතතු මරණයට පත්ව ඇතැයි හබරණ පොලිසිය කියයි. 20 June 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026