
(ඩයනා උදයංගනී)
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව සතියක් ඇතුළත අදාළ ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය.
තෙල් බැරල් ලක්ෂ 80ක් එක්වර ගබඩා කළ හැකි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉදිකර වසර 100ක් පමණ ගතවී ඇතත් මේ දක්වා ඉන් නිසි ප්‍රයෝජනයක් නොගන්නා බව ඇමතිවරයා සඳහන් කළේය.
ඊට අදාළව දැනට ඉන්දීය රජය සමග අත්සන් කර ඇති ගිවිසුම් ත්‍රිත්වය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මඟින් සමාලෝචනය කර ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙරට විසින් එකඟතාවයකට එළඹ ඇති බව ද ඇමතිවරයා පැවසීය.
ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඉන්දියාව සමඟ මාස 16ක් පුරා කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම සංවර්ධන ව්‍යාපෘතිය අරඹන බව ද ඇමතිවරයා කීවේය.
ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කිරීමටත්, ලංකා අයි.ඕ.සී සමාගම දැනටමත් භාවිතා කරන පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14ක් ඉදිරි වසර 50ක් සඳහා එම සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීමටත් නියමිත බව ඇමතිවරයා කීවේය.
ඉතිරි තෙල් ටැංකි 61 සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සියයට 51ක් හා ලංකා අයි.ඕ.සී සමාගමට සියයට 49ක් කොටස් අයිතිය හිමිවන ලෙස ස්ථාපිත කරන ටි්රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ථාපිත කරන සමාගම මඟින් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් නියමිත බව ඇමති ගම්මන්පිල මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහමනම් ඇයි යුගදනව් ගිවිසුමට එරහිව අධිකරණ ක්රයාමාර්ගයට ගියේ? ජනාධිපතිගේ ඊළඟ ඉලක්කය මෙයාද? රටේ සම්පත් විකුනලා හරි ඇමති ධූරය රැක ගන්න.
විකුනන් කාපන් ඔක්කොම ඉවර වුනාට පස්සේ අපිවත් විකුනන් කාපන්
ඕවා නේද වැඩ. එතකොට තමයි ඔයාලාගේ සම්තින්ග් එක හම්බ වෙන්නේ
පේ රට මහා කාලකන්නි නායකයෝ ඉන්න රටක්. වෙන රටකට මෙහෙම සම්පතක් තිබ්බනම් එකම ඇති ඒ මිනිස්සුන්ට මහා ධන උල්පතක් මවා ගන්න. අපිට ඔය ටැංකි ටික ඔය එක එකාට එහෙන් මෙහෙන් අයිතිවාසිකම් නොයන විදියට තනිවම කරගන්න නොහැකිමද? හිතපු ව්ගනකාධිපති තුමාත් එක කිව්වා. අනික ඉන්දියාව ගාගත්තහම ඕකුන් සදහටම ඕක අල්ලා ගන්නවා. මේ කාලකන්නි දේසපාලුවෝ කියන්නේ සිංගප්පුරුවේ කලෙත් ඔය විදියට විකුනාපු එක කියාලා. මමනම් හිතන්නේ නැහැ ඒ රටවල් වල මේ වගේ හොර ගිවිසුම් ගහල රට විකුණුවා කියාලා. අනික ඔය කොයි කාලෙකටද? කවදාද ඔකේ අපේ අනාගත පරපුරට තනි අයිතියට ආයෙත් ලබෙන්නේ? ඔය ගිවිසුම අත්සන් කරන්න කලින් ජනතාවට පෙන්වනවා කිව්වා නේද? අර මහා ලොකුවට පාරම් ගහපු තොරතුරු දැනගැනීමේ පනත මොකටද? රටේ මුළු ජනතාවම මේ වෙලාවේ නම් අවදියෙන් සිටිය යුතුමයි. ඕක හොඳට අධ්‍යනය කරලා බැලුවොත් තේරේවි අපිට මොකද වෙන්නේ කියාලා.
අවුරුදු කීයකටද?
මේ රට පාවාදෙන පව්කාරයින්ට ස්වභාවධර්මය විසින් බලාගනී.
ඕක කරන්න තමයි මෙච්චර තාටමුවේ.. මුන්ගේ බොරු දේශප්‍රේමේ...
අකමැති වගේ පෙන්නලා කැමැත්ත අරන් දෙන කණ්ඩායම ඉතා දක්ෂ උපායශීලි නැතිවම බැරි කණ්ඩායමක් බව පේනවා.
රටට අයිති දේපල දේශපාලකයන්ගෙ පෞද්ගලික දේවල් වගේ කොමිස් ගන්න විකුණන එක වැරදියි. අවුරුදු 05 කට බලයට ඇවිත් කරන මේ අපරාධ.