(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 70,000 ක් වැය කරමින් ඉන්දියාවෙන් ආනයනය කළ දුම්රිය එන්ජින් 10 න් හතක් ධාවනය නොකිරීම විශාල මහජන මුදල් නාස්තියක් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝ පවසති.

ඒ අනුව රුපියල් කෝටි 49000 ක් වැයකර මිලදී ගත් දුම්රිය එන්ජින් අත්හැර දමා ඇතැයි දුම්රිය සේවකයෝ කියති.

මෙම දුම්රිය එන්ජිමක් රුපියල් කෝටි 7000 ක් (බිලියන 70) බැගින් වන දැවැන්ත මුදලකට ආනයන කර ඉන් තුනක් පමණක් ධාවනයට යොදවා ඉතිරි ඒවා දුම්රිය අංගනවල ගාල්කර තිබෙන බවත් එම දුම්රිය එන්ජින්වල විවිධ දෝෂ තිබීම මෙයට හේතුව යැයි බලධාරීන් පවසන බව ද දුම්රිය සේවකයෝ කියති.

එම දුම්රිය එන්ජින් වැඩි වශයෙන් අනතුරුවලට ලක්වීමේ ප්‍රවනතාවක් ඇති බවත් මෑතකදී එම එන්ජිමක් පීලිපැනීමෙන් අනතුරක් සිදුවූ බව ද කියවේ.

එම දුම්රිය එන්ජින් මිලදී ගැනීමට පෙර ඉන්දියාවට ගොස් පරීක්‍ෂා කළ නිලධාරීන් මෙම තත්වයට වගකිවයුතු බව කියන දුම්රිය සෝවකයෝ මේ සම්බන්ධයෙන් රජය හැකි ඉක්මණින් පියවර ගතයුතු බව ද අවධාරණය කරයි.