
(ඉන්දිකා රාමනායක)
2022 නව උදාවත් සමග නව වර්ෂයේ පළමු ප්‍රජා පොලිස් සත්කාරය ලෙස කොළඹ නගරය තුල ජීවත් වන කිසිවෙකුගේ හවුහරණක් නොමැති 600 කට අධික පිරිසක් කොළඹ නගරයේ පොලිස් ස්ථාන 24 ට කැදවා ඹවුන්ගේ රැවුල්, කොණ්ඩය කපා පිරිසිදු කර අළුත් ඇදුම් ලබාදී උදෑසන කිරිබත් සංග්‍රහයක් ද ලබාදීම සිදුකෙරුනි.
මීට සමගාමීව ඔවුන්ගේ ඡායාරෑප හා ඇගිලි සටහන් ලබාගත් අතර රිය අනතුරු හා විවිධ රෝගාබාධ හේතුවෙන් මහමග ජීවිතක්ෂයට පත්වෙන අයගේ මෘත දේහ හදුනා ගැනීමට මෙය ඉවහල් වන අතර අපරාධ නිවාරණයට ද පිටුවහලක් පොලිසිය පවසයි.
මෙම අයවළුන් අතර දරුවන් විසින් නොසලකා හරින දෙමාපියන් , සංවිධානාත්මක කණ්ඩායම් විසින් මුදල් ඉපයීම සදහා යොදවා ඇති පිරිස්, සිටින බවත් ඔවුන් සම්බන්ධව තොරතුරු රැස්කර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමත්, හව්හරණක් නොමැතී නොමැි පිරිස වැඩිහිටි නිවාස හෝ වෙනත් සුරක්ෂිත ස්ථාන වෙත ඔවුන් යොමු කිරීමත් ඉදිරි දින කිහිපය තුල සිදු කෙරෙනු ඇත.
මෙම කටයුත්ත බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව මෙය හෙයවබ බස්නාහිර පලාත තුලම ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.


(ඡායාරුපය: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිංකම් සමඟම ඉතා බුද්ධිමත් වැඩකුත් කරලා තියෙනවා. යාචකයින් ලෙස සැරිසරන සියලු දෙනාගේම විස්තර පොලිසිය සතුවිය යුතුයි. ඔවුන් අතර වෙනත් අකුසල් අරමුණු සහිත අය සිටිය හැකියි..
පොලිසිය මාධ්‍ය නැති වෙලාවට අපිටත් හොඳට සලකනවා...
අගය කළ යුතු ක්‍රියාවක්
ඉස්සරත් මේ වගේ සැලකුවා. හැබැයි ගුටිබැටවලින්...
මෙහෙම ගියොත් තව ටික කාලයක් යනකොට මුළු රටටම කන්න දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ...
වැඩේ හොඳා... ගොඩක් පින්. අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ දූෂිත, බලලෝභී බඩගොස්තරවාදි දේශපාලුවන් නිසා...
හුරු පුරුදු සංග්‍රහ, බැටන් පොලු තමයි....!!!