(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරියේදී ධාවනයට යෙදවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියවල පළමු පන්තියේ නිදන මැදිරිය නොමැති බවට දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුව වසර ගණනාවක් සිට ජනතාවට සපයන නිදන මැදිරි පහසුකම අහිමිකිරීම අනුමතකළ නොහැකි බවත් නව තැපැල් දුම්රියවල තැපැල් දෙපාර්තමේන්තුව සකස් කළ තැපැල් කාර්යාලයක් වැනි ‘තැපැල් මැදිරිය’ නොමැති බවත්ය.
තැපැල් දුම්රියවල පළමු පංතියේ නිදන කාමර සහ දෙවැනි පංතියේ නිදන මැදිරි මේ දක්වා පැවැති බවත් එම මැදිරිවලින් විශාල විදේශ විනිමයක් ඉපයූ බවත් එම සංගමය කියයි.
දුම්රිය දෙපාර්තමේන්තුව මීට මාස හයකට පමණ පෙර ඉන්දියාවෙන් මැදිරියක් කෝටි එකහමාරක් පමණ වන මැදිරි 160 ඇනවුම් කර ඉන් 120 ක් පමණ මේ වන විට ශ්‍රී ලංකාවට ගෙවිත් තිබුණ ද ධාවනයට එකතු කර නොමැති බව කී එම දුම්රිය ස්ථානාධිපති සංගමයේ නිලධාරියා පැවසුවේ එම මැදිරි මාස කීපයකට සිට මාලිගාවත්ත ඇතුළු දුම්රිය අංගනවල ගාල්කර තිබෙන බවත්ය.
එම දුම්රිය මැදිරි පරීක්ෂණ ධාවනයන් ද සම්පූර්ණ කර තිබුණත් මේ දක්වා ධාවනයට එක්කර නොමැති බවට ඔහු වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තමින් කීයක්හරි වැඩිපුර හොයාගත්තු එකත් නැති කළානම් සත 05ක්වත් පඩි වැඩිකරන්න එපා. අවුරුදු 10කටවත් නිකන් යන යකඩ ගොඩෙන් නිකන් හරි තෙල් ගහගන්නවත් හොයාගන්න පුළුවන් අවස්ථාව නවත්වන්නේ ඇයි?
ස‘ යටතේ රටේ වියදම විතරයි. ඵලක් ගන්නේ නෑ. පම්පෝරි ජරාව, නිෂ්ඵල ව්‍යාපෘති, අත්දැකීම නැති අයකුට නියෝග දීමෙන් විතරක් පාලනය ගෙනගිය නොහැකියි යන්න ඔප්පු වී හමාරයි... ලංකාවේ අසාර්ථකම රාජ්‍ය පාලකයා...
කරුණාකර දැන්වත් රජයේ ආයතනවල වැඩකට නොගෙන තිබෙන භාණ්ඩ භාවිතා නොකරන්නේ නම් එය තම හිත මිතුරන්ට නොදී සැබෑ ටෙන්ඩර් පටිපාටියක් යොදා මුදල් බවට පත් කරන්න. රජයේ ආයතන රැකියා දෙන ස්ථාන බවට පත්කර රට ණය කරනු වෙනුවට කාර්යක්ෂම නොමැති අතිරික්ත සේවකයන් අදුනාගන්න. වෘත්තීය සමිති කියනවා නම් වැඩ නොකරන සුදුසුකම් නැති සේවකයො තබාගන්න කියා , මේ පිළිබද මාධ්‍යයේ විනිවිදභාවයෙන් යුත් විවාදයක් දෙන්න. ඇත්තම කිව්වොත් දේශපාලකයොත් රැකියාවෙ තබාගන්න කැමති සුදුසුකම් නැති වැඩ බැරි වංක අය. මොකද ඒගොල්ල වගේ අය තබාගත්තොත් තමන්ට රිසි දේ කළ හැකි බව දන්නවා. මෙහෙමත් රටක්!