
(අජන්ත කුමාර අගලකඩ)
ඩොලර් හිඟයට පිළියමක් ලෙස, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 100ක පමණ ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.
එම ණය මුදල මුදල් වශයෙන් නොව ,ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ණය පහසුකමක් ලෙස ලැබෙනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි පනහක මුදලක්ද, හුවමාරු ණයක් වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 40 ක් ද ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර ඇතැයි දැනගන්නට ඇත .මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් දා ඉන්දියාවේ කළ සංචාරයකදී එරට බලධාරීන් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ණය පහසුකම ලැබෙනු ඇත.
මේ අතර ,චීනයෙන්ද ඇමරිකානු ඩොලර් කෝටි 150ක ණයත් පසුගියදා ලැබුණු අතර ,වසරකින් ආපසු ගෙවීමේ පදනම මත කටාර් රාජ්‍යයෙන් ද ඇමරිකානු ඩොලර් කෝටි 50 ක ණයක් ලැබීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගන්න හැම ඩොලරයක්ම පොලියත් එක්ක ආපහු දෙන්න වෙනවා. කලින් ගත්ත ඒවත් දෙන්න තියෙනවා. දවසින් දවස ණය බර වැඩිවෙනවා. ඊට සමගාමීව රටේ ඩොලර් ආදායම වැඩි වෙන්නේ නෑ. එතකොට මුදල් ප්‍රවාහය තවදුරටත් අපහසු වෙනවා. අන්තිමට ණය ගෙවාගන්න බැරි රටක් ලෙස නම් කෙරෙනවා. එතකොට කවුරුත් ණය දෙන්නේ නෑ. මේකට හොඳම විසඳුම IMF එකෙන් දිගු කාලීන ණයක් අරගෙන ගෙවීමට ඇති ණය ප්‍රතිව්‍යුහගත කරලා මුදල් ප්‍රවාහය සරල කරගැනීම. IMF රෙගුලාසි වලට යටත් වීම අනිවාර්යෙන්ම කළයුතුයි. එම රෙගුලාසි පාලකයින්ට දිරවන්නේ නැතුවට රටට හොඳයි.
මේ තරම් ඩොලර් ලැබිලාත් රටේ ප්‍රශ්න අඩු නෑනේ...
රට රටවල් වලින් ණය ගන්නේ බැසිල් මහත්තයාගෙන් ඔය ණය ටික ගන්න බැරිද දන්නේ නැහැ... අඩු පොළායට.. අපරාදෙ පිටරටවල් වලට පොළී ගෙවන්නේ..
මේ පාර කාටද දන්නෑ ජෙට් යානය ගන්නේ... ගෙනැල්ලා අපි ගෙවන්නම්...!!!
සියල්ලෝම අවබෝධ කරගන්න ඕනෑ මේ ණය පොළියත් එක්ක නොබෝ කාලයකින් ගෙවන්න වෙනවා කියලා. ඇත්තටම තිබුණාට වඩා ණය වැඩිවෙනවා. සම්පත් අඩුවෙනවා...
ඔක්කොම දෙන්නේ ණය... ඊළඟට ඒවා ගෙවන්නේ කොහොමද? තවත් රට හිරවෙනවා නේද? මොල හතක් මදිද මන්දා...
ආඩම්බරයි..!!!
පුළුවන් තරම් ණය අඩුවෙන් ගන්න තරමටයි ගෙවාගන්න පුළුවන් වෙන්නෙ, අපේ පරම්පරා ගානක් මේ ණය වලට හිර කරලා තියෙන්නේ. ඒවා වෙලාවට ගෙවාගන්න බැරිඋනාම රටේ සම්පත් විකුනනවා, ණය නොගෙන රට දියුණු කරන්න පාලකයන්ට දැනුමක් නැහැ. දියුණු කරනවා නම් අපේ රටේ සම්පත් ඕන තරම් තියෙනවා. දේශීය නිෂ්පාදන දියුණු කරලා පිට රටට අපනයනය කරලා ඩොලර් හොයන්න පුළුවන්.
ආණ්ඩුවේ අලුත්ම ණය ගැනීමේ සුත්‍රය ඩොලර් නෑ න්‍යාය.දැන් ඒ මුවාවෙන් ණය ගන්නවා.ඔහොම ණය අරන් කවුද ගෙවන්නේ?බඩු මිල අඩු කරන්නේ කොහොමද?දේශපාලුවෝ සෙට් එකට කිසිම ප්‍රශ්නයක් නෑ.අවුරුදු 5 හෙන් පස්සේ රට පනී.ජනතාවට තමා ඔක්කොම පවු ගෙවන්න වෙන්නේ
කටාර් වලින් ණයට ගත්තේ ඥාණසාර හාමුදුරුවන්ගෙන් අහලද?
අපේ රටේ ලොක්කන්ට ලැජ්ජාවක් නැතිව රටවල් වලට යන්න පුළුවන්ද? දශක ගණන් රට පාලනය කරපු මේ අය රට ගෙනාපු තැන ලෝකෙ කවුරුත් දැන් දැනගෙන ඉන්න නිසා.
ගෝඨාභය ඇතුළු මේ අය අපේ රට නැතිම කරලා තමයි නවතින්නේ..
පසුගිය වසර 70 ක කාලය තුළ එක දිගට ආණ්ඩු විසින් අපට සිදු කළ හානිය සලකා බැලීමේදී මේ දූපත ඉන්දියාවේ කොටසක් වූවා නම් දැන් එය බෙහෙවින් යහපත් වනු ඇත. ඉන්දියාව නිදහස ලැබූ දා සිට කෙතරම් දියුණු වී ඇත්දැයි බලන්න.