(යොහාන් භාසුර)
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ලීක්ස් ගසක කද කොටසේ සගවා මාතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකර තිබියදී බන්ධනාගාර නිලධාරීන්ට අද (31) සොයාගැනීමට හැකිවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ පුනුරුත්තාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.
එම මත්ද්‍රව ලීක්ස් ගසක කද කොටසේ ඉතාම සූක්‍ෂමව සඟවා තිබූ බව කී චන්දන ඒකනායක මහතා අළුයම 2.00 ට පමණ රැඳවියෙක්ට ලබාගැනීමට විසිකරන්නට ඇති බව ද සඳහන් කළේය.
මෙම තහනම් ද්‍රව්‍ය ඉදිරි නීතීමය පියවර ගැනීම සදහා මාතර පොලිස් ස්ථානයට භාරදුන් බවත් සිද්ධිය සම්බන්ධව මුලික විමර්ශණයක් ආරම්භ කර ඇති බවත් ඒකනායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු පැකට් එකක් ඔතලා ලීක්ස් එව්වා වෙන්න බැරිද?
ඉදිරියට ලීක්ස්වල මිල, කුඩුවල මිලට වඩා වැඩි වුණොත් කරන්නේ කුමක්ද?