
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෑලියගොඩ වනවාසළ දුම්රිය අසලදී ඉංජිනේරුවරයකු පැදුවු සුඛෝපභෝගී මෝටර් රථය දුම්රියක ගැටීමෙන් ඉංජිනේරුවරයා එම ස්ථානය දින මිය ගිය බව පෑලියගොඩ පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ වත්තල හුණුපිටිය කණ්ඩාගේ මාවතේ පදිංචිව සිටි ප්‍රියන්ත ප්‍රනාන්දු 55 යන අයයි
අනතුරක් සමඟ මෝටර් රථය ගිනි ගෙන ඇතැයි පොලිසිය කියයි
කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය වනවාසළ දුම්රිය හරස් මාර්ගයේ පසු කිරීමේදී දිප්පිටිගොඩ සිට වත්තල දෙසට දුම්රිය මාර්ගය හරහා මෝටර් රථය ධාවනය කිරීමේදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුර වෙන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සියලුම සංඥා ක්‍රියාත්මක තත්වයේ තිබී ඇතැයි පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නොසැලකිලිමත් රිය ධාවනයේ ප්‍රථිඵලයක් විතරයි.. ඒකට ඉංජිනේරුවෙක්ද? , දොස්තර කෙනෙක්ද? කියන දේ අදාලම නෑ..
හරකෙක් වගේ වාහන පදවනකොට ඔහොම වෙනවා.
ලංකාවෙ සමහර රියදුරන්ට කිසිම විනයක් නැහැ. මාර්ගය තමන්ගෙ කියල හිතාගෙන මාර්ග නීති කඩකරමින් වාහන පදවනවා.
මේ වගේ සිද්ධීන් වාර්තා කරනකොට ඉංජිනේරුවා, සුඛෝපභෝගි යන වචන අවශ්‍ය නැහැ නේද? ඔහුට නිවන් සුව පතමි...
රියදුරා කියන්නේ රියදුරා, ජනාධිපතිතුමා වුණත්, රියදුරු අසුනේදි, රියදුරා.. සරලයි.
මේක සියදිවි නසාගැනීමක් වෙන්නත් පුළුවන්...
ගේට්ටුවක් දාලා තිබුනනම් ඔය දේ වෙන්නේ නැහැ.. අපිත් අපි දන්නැති පැත්තක යනකොට ඔයා දේවල් වෙන්න ඉඩ තියෙනවා. සංඥා ආලෝක කුළුණු ඒවා පේන් නෑ පෙළක් තැන්වල...
මොහු එම පළාතේම පදිංචිකරුවෙක්