
(සුජිත් හේවාජුලිගේ )
අඩු මිලට ගෙන්වූ පොහොර සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය පොහොර සමාගම් එකොළහකට රුපියල් කෝටි 150 කට වැඩි මුදලක් 2018-2020 අතර කාලයේදී වැඩිපුර ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණයවී ඇත.
වැඩිපුර මුදලක් මෙලෙස ගෙවා ඇතැයි පැවසෙන්නේ පොහොර සහනාධාරය වෙනුවෙනි.
පොහොර සමාගම් 11ක් 2020 මුල් කාර්තු දෙකේ අවස්ථා 213 කදී පොහොර ආනයනය කර ඇති බවත් අඩු මිල යටතේ ගෙන්වූ මෙම පොහොර සඳහා( පොහොර සහනාධාරය ලෙස) ජාතික පොහොර ලේකම් කාර්යාලය රුපියල් කෝටි 50 කට වැඩි මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවක සඳහන් වේ.
එම පොහොර ගෙන්වූ අවස්ථා 213 දීම ආනයනික මිල ( Invoice price) මිල කමිටුව තීරණය කළ මිලට වඩා අඩු අගයක් ගෙන තිබූ බව දක්නට ලැබුණේ යැයිද ඒ වාර්තාවේ දැක්වෙයි.
එසේම පොහොර ආනයනය කළ සමාගම් කිහිපයකට කෘෂිකර්ම අමාත්‍යාංශය පත් කළ මිල කමිටුවේ මිල සූත්‍රයෙන් බැහැරව 2018වර්ෂයේදී රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි පවසන රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව වර්ග හතරකට අයත් පොහොර මෙට්‍රික් ටොන් 156272.5ක් වෙනුවෙන් මෙලෙස වැඩිපුර මුදල් ගෙවා ඇති බවද සඳහන් කරයි.
මිල ගණන් තීරණය කිරීමේදී රජයට අවම අවාසියක් ඇතිවන පරිදි, සාධාරණ ආකාරයට එම කටයුතු කිරීමට මුදල් කමිටුවට හැකියාව තිබුණත් එවැන්නක් සිදුවී නැතැයිද විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.
වෙළෙඳපොළ වටිනාකම තක්සේරු කර ගෙවීම් කළ හැකිව තිබුණත් සහනාධාර ක්‍රියාත්මක වන දිනට ආනයන සමාගම් සතු අගයන් සලකා විවිධ මිල ගණන් යොදාගෙන මෙලෙස සහනාධාර මුදල් ගෙවීම් කර තිබූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර ලේකම් කාර්යාලය අනුමත බව සඳහන් කාබනික පොහොර බෙදීමත් මෙම කන්නයේදී සිදුවුණා. හැබැයි ඒ පොහොර ගැහුවත් ගොයම කහපාට කියලා තමයි ගොවියන් කියන්නේ (ඒ පොහොර විතරක් ගහපු) සමහර කාබනික පොහොර ගැන ටයර් කුඩු කතාවකුත් ගියා මාධ්‍යයෙන්... මේවා ගැනත් විමර්ශනයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා...
මෙන්න හොරු... පුළුවන් නම් දඬුවම් කරලා පෙන්නන්න...!!!
හා හා කාටද ආඩම්බර..?, දැන් කරන්නේ හමුදාවනේ.. ඔය තිබෙන ගෞරවයත් නැතිකර ගන්නා වැඩක්, ඉතිරිය සිතාගන්න...
දේශපාලකයින්ට හා රජයේ ඉහළ නිලධාරීන්ට ඕනෑම දූෂණයක් කළ හැකියි. කිසිඳු දඬුවමක් නැහැ. ජනතාව පාරට බැස දූෂණ වළක්වා තම දියුණුව සලසාගත යුතු කාලය එළඹ ඇත...
මෙන්න සහතික කල හොරකම්... මේවා ගැනයි අපි කතා කරන්නේ. ජේවීපී ගොබ්බයින් කියන අරයා හොරා, මෙයා හොරා අපිට අදාළ නැහැ. පොහොර සහනධාරය ගැන මේ ගොල්ලෝ කතා කලේ මේ ගැහිල්ල කරන්න තමයි...