
(යොහාන් භාසුර)
මීට පෙර වසරක කාලය තුළදී දිනකට ගෑස් වෑල් 300 ක් පමණ මාරු කර ඇති බවත් වර්තමානයේ දිනකට වෑල් 3000 ක් පමණ මාරු කරන බවත් වෑල් මාරු කිරීමේ ධාරිතාව 20,000 දක්වා වැඩි කිරීමට මේ වනවිට කටයුතු කරගෙන යන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.
ජනතාවට පෙර පරිදි සාමාන්‍ය ආකාරයට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට තව සති තුනක පමණ කාලයක් ගත වනු ඇති බව ද අලුතින් හඳුන්වාදුන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් කාලයක් ගතවීම නිසාත් යන්ත්රසූත්ර විශාල ප්‍රමාණයක් රටට ආනයනය කිරීමට කටයුතු යොදා ඇති නිසාත් යම්කිසි ප්‍රමාදයක් පවතින බවත් පතිවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ඇමැති ලංසා කියන්නේ නුඹට බැහැ කියලා... නිමල් නොකිව්වත් රටේම ජනතාව දන්නවා නුඹලා වගේ අයට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා තවත් කීප දෙනෙක් මැරෙනතුරු නොසිට අයින්වෙලා යනවකෝ පුළුවන් එකෙකුට දීලා...
බැලුවම තියෙන්නේ මහා මූසල මුහුණක්... රටට මහවිනාශයක් කරලත් තව බයිලා කියනවා. මම අහියෝග කරනවා පුලුවන් නම් ගෑස් පෝලිමක් ලඟට යන්න කියලා. ලොක්කා නම් හූවක් කාලා බේරුණා... තමුන්නාන්සේ...!!!
මෙයාගේ කෙරුවාව නම් නියමයි. රටේම ගෑස් සැපයුම කාලා හමාරයි.
මිනිස්සුන්ට මෙච්චර කරදර වෙලත් කිසිම ගාණක් නැතුව තම මඩිය ගැන විතරක් හිතන හෘද සාක්ෂිය මැරුණු රැලේ තවත් කෙනෙක් ... මිනිස්සුන්ට ලෝකේ කොහේ හිටියත් මේ මූණ අමතක වෙන එකක් නෑ.
ලොකු ලොකු හොරුන්ගේ අතකොළු...!!!
ඡන්දෙට කඹුරලා ගත්ත පට්ටම්... අපි නොදන්න වියත් මග...
දැන්නම් අපෙත් වෑල්ව් මාරුවෙලා තියෙන්නේ ඔයාලා දෙන ආතල් හින්දා...
ඇත්ත වෙනුවට නැත්ත. හිස් මිනිස්සු...
මේ අයට මනුස්ස ලෝකෙ ඉඩක් නෑ.
උණු නිසා බොන්නත් බැහැ.. කැඳ නිසා විසිකරන්නත් බැහැ වගේ ඡන්දයට වැඩකළ වියතෙක් වියහැකි නිසා එළවන්නත් බැහැ. ඒකාට හරියට කරන්න පුළුවන් වැඩකුත් නැහැ. ඒක තමයි ලොක්කාට වෙලා තියෙන්නේ කියලා හිතෙනවා...
විශිෂ්ඨ ප්‍රකාශයක් මැතිතුමනි...!!!
මෙයා මාධ්‍යට ඇවිල්ලා කිව්වා ගෑස් වල සංයුතිය වෙනස් කළේ නෑ කියලා. ඊට දවස් දෙකකට පස්සේ ජනාධිපති කමිටු ප්‍රධානී මහචාර්යතුමා කිව්වා සංයුතිය වෙනස් කළ හින්දා පුපුරනවා කියළා. බොරු කියපු එකට දඬුවම් කෝ ?
වැඩ බැරි අපේ විරුවා වියත් මගෙන් මෙවැනි අය පත් කෙරුවා ,ඒ=මේ අය එකතු වෙලා මුළු රටටම වින කෙරුවා
මොන බම්බුවකටද හලෝ වෑල් මාරු කරන්නේ...? කලින් ගෙන්වපු ගෑස් ගෙන්වනවා. ගාන වැඩි වුණාට කමක් නැහැ. එ්ක පාරිභෝගිකයා බලා ගනී. හොඳ බඩු ලාබෙට දෙන්න පුළුවන් කමක් නැහැ...