(සුජිත් හේවාජුලිගේ )

ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන්නේ නම් තනතුරු අත්හැරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.

මීගමුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවලට අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

"දැන් රටේ ගෑස් නැහැ.මිනිස්සු පෝලිම්වල.ගෑස් ගෙදර අරන් ගියාම පුපුරනවා. මේවා වෙද්දි ලිට්ට්‍රෝ සභාපති බයිලා ගහනවා .මාධ්‍ය වලට ගිහිල්ලා හිනා වෙනවා. හරි නම් ඔය සභාපති ඉල්ලා අස් වෙන්න ඕන. නැත්නම් ගහලා පන්නන්න ඕන .

"සමහර ආයතනවලට පත් කරලා තියෙන්නෙ වගකීමක් නැති මිනිස්සු.කවුරුහරි වගකීමක් බාර ගත්ත නම් ඒක ඉෂ්ට කරන්න ඕන."