(ඉන්දිකා රාමනායක)

2021 වර්ෂයේදී පමණක් නාවික හමුදාව මෙරට මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ  මෙහෙයුම්වලින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමකින් යුත්  මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති නාවික හමුදාව කියයි .

හෙරොයින් කිලෝ 1268ක්, කේරළ ගංජා කිලෝ 7095 , අයිස් මත්ද්‍රව්‍ය මත් ද්‍රව්‍ය කිලෝ 158 මේ අතර වන බව නාවික හමුදාව කියයි.

අවස්ථා 74කදී සිදුකළ මෙහෙයුම් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1268 ක ප්‍රමාණය අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවා සමග මෙරට සැකකරුවන් 119ක් සහ විදේශීය සැකකරුවන් 22ක් ද, අත්අඩංගුවට ගෙන ඇත.

අවස්ථා 151කදී සිදුකළ මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 7095කට අත්අංඩංගුවට ගෙන ඇති අතර ඒවා සමග මෙරට සැකකරුවන් 186ක් සහ විදේශීය සැකකරුවන් 07ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 158ක තොගයක් සමඟ සැකකරුවන් 98 දෙනකු අවස්ථා 73කදී නාවික හමුදාව සිදුකළ මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන ඇත.