ඔක්සිජන් ගේන්න ‘ශක්ති’ චෙන්නායි යයි ඉන්දියාවෙන් ඇනවුම් කළ සායනික ඔක්සිජන් රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව චෙන්නායි බලා අද (17) අළුයම පිටත්වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 16 August 2021
පණ බේරාගන්න පොරකන ඇෆ්ගන් වැසියෝ තලේබාන් ත්රස්තවාදීන් කාබුල් අගනුවර අල්ලා ගනිදිද්දී, ඇෆ්ගන් සිවිල් වැසියන් දහස් ගණනින්, රටින් පිටවී යෑමට කාබුල් අගනුවර එක්රොක්වීමත් සමඟ මහා ගාලගෝට්ටියක් හටගත්තේය. 16 August 2021
මාතලේ රෝහලේ හෙදියන් ඇතුළු 44කට කොරෝනා මාතලේ මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ 27 දෙනකුට සහ සුළු සේවක කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත. 16 August 2021
තවත් නගර හතක කඩසාප්පු වැසේ කොවිඩ් අවදානම හේතුවෙන් දිවයිනේ තවත් නගර හතක කඩ සාප්පු එම නගරවල වෙළෙඳ සංගම් විසින් වසා දමනු ලැබීය. 16 August 2021
බලන්ගොඩ දිසා සහ මහෙස්ත්‍රාත් අධිකරණ නඩු විභාග සතියකට නවත්වයි බලන්ගොඩ දිසා අධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන සියලුම නඩු කටයුතුවලින් අද (17)දා සිට සතියක කාලයක් ඉවත් විම සදහා බලන්ගොඩ දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණයේ නිතිඥ සංගමයේ තිරණය කළ බව බලන්ගොඩ නිතිඥ සංගමයේ සභාපති නිතිඥ දේශබන්දු සුරියබටබැදි මහතා පැවැසිය. 16 August 2021
පක්ෂ නායක රැස්වීමට අගමැති, විපක්ෂ නායක ඇවිත් නෑ අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට අද (16) සහභාගී නොවූහ. 16 August 2021
පෞද්ගලික බස්වල හොරයක් අල්ලයි පළාත් අතර ධාවනය වන පෞද්ගලික බස් රථ සියයට අනූවක් පමණ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් රාජ්‍ය ආයතන සෞඛ්‍ය අංශ යුද හමුදාව නාමයන් භාවිතා කරමින් ධාවනයේ යෙදෙන බව අද දින සිදු කළ පරීක්ෂණයකදී අනාවරණය වූ බව උතුරුමැද සහ මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කියයි . 16 August 2021
ගම්පහින් ආසාදිතයන් 1825ක් වාර්තා වෙයි ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 1825 දෙනෙකු අද (16) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති අතර 222 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. 16 August 2021
ඇඹිලිපිටියේ කඩ සාප්පු දින 14 ක් වහයි ඇඹිලිපිටිය සහ අවට ප්‍රදේශවලින් කෝවිඩ් ආසාදිතයන් බහුලව වාර්තාවීමත් සමග ඇඹිලිපිටිය නගර සභා සීමාවේ ව්‍යාපාරික ස්ථාන 18වන බදාදා සිට දින දාහතරක කාලයක් වසා දැමිමට ව්‍යාපාරික ප්‍රජාව තීරණය කළ අඹිලිපිටිය නගර සභාවේ නාගරික සභික රුවන් පතිරණ මහතා අද ( 16 ) පැවසීය. 16 August 2021
ගැබිනි මව්වරුන්ට එන්නත දීමට එන්නත් සතියක් ප්‍රකාශයට ගැබිනි මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම සඳහා එන්නත් සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පැවැසීය 16 August 2021
“රට වැසිය යුතු බව ජනපතිට ලිඛිතව දැනුම් දුන්නා’’ ‘කොවිඩ්’ පැතිර යෑම පාලනය සඳහා රට වැසිය යුතු යැයි කියන කාරණය අවසන් වරට පසුගිය බදාදා (11 වැනිදා) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව එම සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. 16 August 2021
කොරෝනා පනත හෙට මැති සබයට කොරෝනා වයිරස තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී හෙට (17) විවාද කර සම්මත කර කර ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කළේය. 16 August 2021
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතීඥ නිහාල් තල්දූව මහතා පත්කරේ නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පත්කර තිබේ. පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීම කර තිබේ. 16 August 2021
පාර්ලිමේන්තු රැස්වීම හෙට පමණයි කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (17) අඟහරුවාදා දිනයේ පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කළේය. 16 August 2021
බදියුදීන්ගේ මස්සිනාට ඇප හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ 2016 වසරේදී සේවය කළ තරුණියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැත්තා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (16) නියෝග කළේය . 16 August 2021
රටින් පලා යන්න ඇෆ්ගන් වැසියෝ පොරකති තලේබාන් ත්රස්තවාදීන් කාබුල් අගනුවර අල්ලා ගනිදිද්දී, ඇෆ්ගන් සිවිල් වැසියන් දහස් ගණනින්, රටින් පිටවී යෑමට කාබුල් අගනුවර එක්රොක්වීමත් සමඟ මහා ගාලගෝට්ටියක් හටගත්තේය. ඇෆ්ගන් වැසියන් ගුවන් යානාවලට ගොඩවීමට පොරකෑමට පටන් ගැනීමත් සමඟ කාබුල් ගුවන් තොටුපොළ වසා දැමුණි. 16 August 2021
කුසල් ජනිත්ටත් ‘කොවිඩ්’ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 16 August 2021
“යුද්ධයට ගත් තීන්දු වසංගතය පාලනයට ගෙන පලක් නැහැ’’ යුද්ධයට ගත් තීන්දු වසංගතය මැඩ පැවැත්වීමට ගැනීමෙන් පලක් නොවන බව දැන්වත් ආණ්ඩුව තේරුම් ගත යුතු බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවසීය. 16 August 2021
“ඩෙල්ටාවට වඩා සැර කොරෝනා බෝම්බයක් ඉදිරියේදී ලංකාවේ’’ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය විකෘතිවී ඉදිරියේදී මෙයටත් වඩා සැර කොරෝනා වයිරස ප්‍රභේදයක් බිහිවීමේ හැකියාව පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 16 August 2021
වැල්ලවත්ත වෙරළට සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ගැන පරීක්ෂණයක් වැල්ලවත්ත මුහුදු වෙරළට සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යංශය පරීක්ෂණ පවත්වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 16 August 2021
“දේශපාලන තීන්දු නොගෙන විද්‍යානුකූලව රට වහන්න’’ දේශපාලන තීන්දු නොගෙන විද්‍යානුකූලව රට වසා ඉදිරි පියවර ගන්නවානම් කොන්දේසි විරහිතව ඊට සහාය දෙන්න සෞඛ්‍ය සේවකයින් සැදී පැහැදී සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 16 August 2021
“තත්වය භයානකයි අත්‍යාවශ්‍ය දෙයකට හැර කොළඹට එන්න එපා’’ කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින්නැයි කොළඹ නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 16 August 2021
අමාත්‍යවරු හතක් නව අමාත්‍යංශ හතක දිවරුම් දෙති කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් නව අමාත්‍යාංශවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ. 16 August 2021
කෙන්යාවෙන් ඇනවුම් කළ සිලින්ජර් මිලියන දෙකක් ලංකාවට ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සිදු කෙරෙන කඩිනම් එන්නත්කරණ වැඩපිළිවෙළට කෙන්යාවේ පිහිටි රෙවිටල් හෙල්ත්කෙයාර් ලිමිටඩ් වෙතින් අනුවුම් කළ සිලින්ජර් මිලියන 2 ක මුල් තොගයක් දිවයිනට යැවූ බව කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී. 16 August 2021
දැඩිසත්කාර ඇඳන් 25ට බහී: රෝහල් උපරිම ධාරිතාවේ කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර ඇති දැඩිසත්කාර ඒකක ඇඳන් 215න් දැනට ඉතිරිව ඇත්තේ ඇඳන් 25ක් පමණකැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය. 16 August 2021
කොවිඩ් තුන්වෙනි රැල්ලේදී ගැබිනි මවුවරුන් 20ක් මිය ගිහින් තුන්වැනි කොවිඩ් රැල්ලේදී ගර්භණි මවුවරුන් 20 දෙනෙකු කොවිඩ් ආසාදනයවීමෙන් මේ දක්වා මියගොස් ඇතැයි කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා ලංකාදීපයට පැවැසීය. 16 August 2021
කැබිනට් ඇමැතිවරු හතරකට තව පැය කීපයකින් අමාත්‍යංශ මාරුවක් කැබිනට් ඇමැතිවරුන් හතර දෙනකුගේ විෂය පථයන් තව පැය කීපයකින් වෙනස් වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. 16 August 2021
රත්ගමදී තරුණයකුගේ අත් දෙකම කපයි රත්ගම සිරිකදුරවත්තේදී තරුණයන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී එක් තරුණයකුගේ අතක් දෙක වෙන්වෙන්ම කපා තවත් තරුණයකුට බරපතළ තුවාල සිදුකර ඇතැයි පොලිසිය කියයි. 16 August 2021
පළාත් පනින්න ආ 361ක් ආපසු හරවා යවයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 253 දෙනකු දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 16 August 2021
යතුරු පැදියෙන් එන මරුවා බරටම වැඩ රිය අනතුරුවලින් ඊයේ (15) දිනය තුළ පමණක්ම පුද්ගලයන් දස දෙනකු මියගිය බව පොලිසිය පවසයි. 16 August 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026