
(යොහාන් භාසුර)
කෑම පැකට්ටුවක මිල රුපියල් 20 කින් හෝ 30 කින් ඉහළ දැමීමට සිදුවන බවත් කොත්තු ඇතුළු ක්ෂණික ආහාරවල මිල රුපියල් 5 කින් හෝ 10 කින් වැඩි කළ යුතු බවත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය.
ඩොලරයේ අගය ඉහළ යෑමෙන් භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් අහාර මිල ඉහළ දැමීමට සිදුවන බව කී අසේල සම්පත් මහතා ඉදිරියේදී එම මිල වැඩිවීම ක්‍රියාත්මක වියහැකි බව ද සදඟන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම පැකට්වල මිල ඉහළ යන්නේ අහවල් දේකටද? වැඩියෙන් ඉන්නේ පුන්නක්කු, තණකොළ කන අය වෙච්චි කොට... ඔන්න අපිට නම් කෑම පැකට්වල මිල බලපානවා. මොකද අපි 68 ලක්ෂයේ කොටස්කාරයෝ නොවන නිසා... ඔන්න පුන්නක්කු මිල ඉහළ ගියොත් නම් දරුණු ප්‍රශ්නයක් වෙනවා.
වසරක කාලයක් තුළ සියළුම භාණ්ඩවල මිල දෙගුණ වෙලා.. එහෙම නම් වැටුපත් දෙගුණ කරන්න. පුද්ගලික අංශයටත් එසේ කරන්න බල කරන්න.
දැන් කළයුත්තේ තමන්ට හැකි පරිදි ගෙවල්වල අහාර පිළියෙළ කරගෙන කඩෙන් කෑම නැවැත්වීමයි. එය සෞඛ්‍යයටත් ගුණදායකයි.
කෑම මිල ඉහළ යෑම ජනතාවට දරන්නට බැහැ. ඒ වගේම මේ රටේ බොහෝ හෝටල් වලින් ජනතාවට ලැබෙන්නේ අපිරිසිදු ආහාර. මාළු කල්ගිය විට හොද්දෙන් ගෙන සෝදා අඹරා රොල්ස් කට්ලට් පැටිස් මාළුපාන් ආදියට දමනවා. මේ දේවල් කෑවාම විරේක බෙහෙත් අවශ්‍ය නැහැ. මේ ගැන කිවයුතු දේ බොහෝයි. නමට සිටින ඇතැම් සෞඛ්‍ය සේවා අංශවල නිලධාරීන් මේවා නොසොයා වගේවගක් නැතිව ඉන්නවා...