
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම සඳහා ඉන්දීය සංචිත බැංකුවේ අනුමැතිය හිමිව තිබේ.
මෙම ඩොලර් මිලියන 500 යේ වටිනාකමට ශ්‍රී ලංකාවට ලබන අප්‍රේල් මස සිට ඉන්දියාවෙන් ඛනිජ තෙල් ලැබෙන බවත් ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඛනිජ තෙල් අර්බුදය අප්‍රේල් මස සිට පහව යනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ රටකට වෙච්චි දෙයක්.... හිඟන පරපුරකට පුදලා... අපිටවත් ආත්ම ගරුත්වයක් නැතිවෙලා...
අපි ඩොලර් අතට දෙන්නෑ.., ඩොලර් වෙනුවට තෙල් දෙන්නම්, අපෙන් බඩු ගන්න ඕනෑ. කෝ අර වියත් රෑන?
නමුත් ඒ ණය ගෙවන්න නම් තෙල් මත පනවා ඇති බදු ඉවත්කර තෙල් සංස්ථාවේ ඉන්න අතිරික්ත සේවකයෝ ගෙදර යවන්න වෙයි. නැත්නම් වැඩි මිලට අරන් අඩුවට විකුණලා ණය ගෙවන්නේ කොහොමද?
කිරිබත් කමු...!
මේ වනවිට මාසික ඛනිජ ආනයනය සඳහා ඩොලර් මිලියන 450ක් වැයවන්නේ නම් තෙල් මිල ඉහළ යන අවස්ථාවක තෙල් අර්බුදය අප්‍රේල් මස සිට පහව යන්නේ කෙසේද? අප්‍රේල් මාසයට පමණක් පහව යනු ඇත.
ඇත්තටම මේ ණය නොලැබුණා නම් අපි බංකොළොත්...