(නිමල කොඩිතුවක්කු)
එළඹෙන උත්සව සමයේදී හාල්, පරිප්පු, සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
අමෙරිකානු ඩොලරයේ අගය පාවෙමින් තීරණය වන බැවින් මෙලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉහළ යනු ඇති බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසීය.
අමෙරිකානු ඩොලරයේ අගය පාවෙමින් ඇති අවස්ථාවක ආනයනික භාණ්ඩ වල මිල තීරණය වන්නේ කෙසේද යන්න පිළිබඳ තවමත් නිශ්චිත තීරණයකට එළඹීමට නොහැකි බවත් ලබන සතිය පමණ වන විට මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරන බවත් හෙතෙම කීවේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාරවල මිළ තවත් ඉහළට?
බද්රානි Friday, 11 March 2022 05:09 PM
මේ ගැන අපි එතරම් කලබල විය යුතු නැහැ. ලෝකයේ පුන්නක්කු අඩුමිලට අපනයනය කරන රටක් හොයා ගැනීමයි කළ යුත්තේ. එතකොට සිංහල අවුරුදු සමයට කිරිබත් වෙනුවට " කිරි පුන්නක්කුවක්" සාදා ගැනීමට අපට හැකි වෙනවා. ඔය පාන් පිටිවලින් වගේ නෙවෙයි, පුන්නක්කු වලින් හදන කැවුම් වුණත් ගොඩක් රස වෙන්න පුළුවන්. මොනවා වුණත් දැන් අපට ජීවත් වෙන්න රටක් තියනවානේ? දියසෙන් කුමාරයත් ඉන්නවා. අර කැළණි නයා ගෙනාපු නාග මාණික්ඛයේ ආශිර්වාදයත් ලැබෙනවා. ඉතින් තව මොනවද අඩු?
Don perea Friday, 11 March 2022 06:22 PM
හරියට හරි... ලංකාවට හරියන කෑම...
Sunil Friday, 11 March 2022 06:33 PM
වෙන කවදාවත් නොතිබුණු තරම් සරුවට අවුරුදු කන්න පුළුවනි.
Soma dubayi Friday, 11 March 2022 06:40 PM
මේවා බොරු කතා.., අවුරුදු කාලය වෙද්දී බඩුමිල පහත වැටෙනවා, බැසිල් මහත්තයා කොහොම හරි බඩුමිල අඩු කරනවා...
අගුපිලගේ Friday, 11 March 2022 06:55 PM
ඔව් ඔව් ඒක හරි... මොකද ඉක්මණින් ඉන්දියාවට හා ඇමරිකාවට යනවා කියන්නේ ඒකට වෙන්න ඇති... මාස තුනකින් පාර්ලිමේන්තුවේ හිටියේත් නැතිලු. කොහොම හරි අවුරුද්දට මොනවා හරි කරයි..