
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (11) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී ඉන්දීය තෙල් සමාගමේ ලාංඡනයට සමාන ලාංඡනයක් සහිත පෝස්ටරයක් වරින් වර ප්‍රදර්ශනය කරනු දැකගත හැකිවිය.
පෝස්ටරයේ එම ලාංඡනයේ "I.O.ස" යනුවෙන් සටහන්ව තිබිණ.
එම ලාංඡනය සහිත පෝස්ටරය මුලින්ම ප්‍රදර්ශනය කළේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතාය.
විපක්ෂයේ මන්ත්‍රීවරයකු කතා කරන අවස්ථාවේදී ඔහුට සභාවේ කැමරාව යොමුවන විට එම කැමරාවට හසුවන සේ ඒ පෝස්ටරය ප්‍රදර්ශනය කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කටයුතු කරනු දැකගත හැකිවිය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මේ පෝස්ටරය ප්‍රදර්ශනය කළද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඊට කිසිදු බාධාවක් එල්ලවූයේ නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කොහේ කටවල් අරින්නද? රෑ 12ට අහස් කූරු පත්තු කළේ නෑ. කුට්ටියා උන්නා නම් ඒකටත් උත්තරයක් කියයි.... තප්පුලනවා වගේ උඩ පැන පැන..
මේ ගොන් ජෝක් තමයි කරන්න ඕනෑ. එතකොට රට්ටුන්ට සහනයක් ලැබෙනවානේ. ආණ්ඩු පට්ටිය හානවා. මේ පට්ටිය දක්කනවා. හරිම ජනතාවාදී විපක්ෂ. මේ ඔක්කොම කරන්නේ රට්ටුන්ගේ ප්‍රශ්න බයිට් කරන එක...
පහත් මානසිකත්වයකින් විරෝධය දැක්වීමක් මේක... වෘත්තීය මට්ටමේ විරෝධතාවයන් අවශ්‍ය වෙලාවක් මේක... එජාපයෙන් හෝ ඉන් බිඳුණු කණ්ඩායමකින් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ...
මොන මට්ටමක හෝ විරෝධතාවක් තිබිය යුතුයි. නැතහොත් පුපුරන අන්දම භයානකයි. මේ විදිය හොඳයි. ඒත් මදි...