
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට තිරිඟු පිටි (පාන් පිටි) ආනයනය කරන සමාගම් දෙකෙන් එකක් වන සෙරෙන්ඩිබ් සමාගම පාන් පිටි කිලෝවක් රුපියල් 35 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.
පාන්පිටි කිලෝවක් රුපියල් 121 ක්ව පැවැති අතර මෙම මිල වැඩිකිරීමත් සමඟ පාන්පිටි කිලෝවක සිල්ලර මිල 156 ක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අනෙක් සමාගම වන ප්‍රීමා සමාගම මේ දක්වා මිල වැඩිවීමක් නිවේදනය කර නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ වරුන්ට ජයවේවා...!!! අපේ රට මෙතරම් ඉහළින් ඔසවා තැබුවට...
එදා පොරොන්දු පරිදි තවත් සහන ලබාදෙමින් පවතිනවා. ඒ සහන දිනපතා දෙනවා...!
ආපහු නම් ඡන්දයක් දෙන්නේ සියපාරක් හිතලා.. මෙහෙම ගියොත් බඩගින්නේ මැරෙන්න වෙන්නේ.. එන්න එන්නම ජීවත් වීම දුෂ්කර වෙනවා.
මම කුඩාකාලයේ අහස අල්ලන්න ගියා වගේ තමයි...
මහ හොරා ඇතුලු හැතිකරය අත්අඩංගුවට ගෙන හොරාකාපු බිලියන ගණන නැවත ගන්න පුළුවන් ආණ්ඩුවක් බිහිවේවා..!
සැප වැඩිකර දීම සඳහා විය හැකියි.
"තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න.."
මේ විනාශය විහින් කරගත්තු දෙයක්... යන්තම් කොල්ලො ටිකක් පිටරටවල්වල බැලමෙහෙවර කරන්න ඇරලා තිබුණු හින්දා මෙහෙමත් බේරිලා ඉන්නවා. ඒ අයත් ලංකාවේ හිටියා නම් අද රටට මොනවා වෙයිද? ඡන්දයක් දිනාගන්න බැලමෙහෙවර කරන නිකමුන්ව රජයේ සේවයට පුරවලා ආණ්ඩුවේ රස්සා දීලා ගොඩගන්න බෑ. එතකොට කරන්න පුළුවන් එකම දේ තමයි ඡන්දෙ දිනන අය ගොඩයන එක..
බඩු මිල ටිකක් වැඩි වුණත් පසුගිය කාලේ රජය විශාල වශයෙන් වැටුප් වැඩි කළා.. ලෝක වෙළඳපලේ බඩු මිල ඉහළ ගිය නිසා ජනතාවට ටිකක් කැපකිරීම් කරන්න වෙනවා. නමුත් ජනාධිපති ගෝඨාභය මහතා මේ රට හරි පාරේ ගෙනියනවා...
අපිට ගොඩක් සතුටුයි අනේ...!
මේ මිල ඉහළ යාමට හේතුව රුපියල අවප්‍රමාණය වීමයි. පහුගිය දවස්වල කැරකෙන පුටුවල වාඩිවී රුපියල පා කරන්නට යයි මොර ගෑ ආර්ථික ඔස්තාර්ලා සහ විපක්ෂය දැන් මේවාට පිළිතුරු දිය යුතුයි...
දැන් ඉතින් 69 ලක්ෂයම රාජපක්ෂලාට ජයවේවා කියලා කේක් කාපල්ලා...!
සිරිමාවෝ මැතිණිය, අපේ රට කෘෂිකර්මය, රටට අවැසි විවිධ කුඩා කර්මාන්තශාලා අරඹා දියුණු කරන්න පටන් ගත්තා.. නමුත් ඒ සැම විප්ලවකාරී ත්‍රස්ත මැරයින් විසින් විනාස කර දැම්මා.. එදත් පෝලිම.. ඒ රටේම නිපදවූ භාණ්ඩ (රෙදි, පිඟන් බඩු ආදිය වැනි දේ ඇතුළු) වලට.. පාන්දර 4.00ට පෝලිමට ගිහින් පැය දෙක තුන සිටියේ තව කෙනෙක් ගෙදරින් එනතුරු පාසල් යන්න. ඒ දුෂ්කර ක්‍රියා වසර 5ක් 6ක් විඳවූවා නම්, අද අපේ දරුවන්ට බත බුලතින් පිරි අපේම රස දේ කාලා ඉන්නවා.. පිටරට දේට ලෝභ වී අද අපි අගාධයටම වැටුණා.. නැවත ගොඩ ගන්න කෙනෙක් පේන මානයේ නැහැ.. ඇමෙරිකාව හෝ චීනය යටතේ ඉඳිමු.. සමහර විට රුසියාවට යටත් වෙයිද..? අපි දුප්පත් නිසා තව තවත් පිරිහෙනවා කොරෝනා කියලා.. දැන් ලෝකයම තැති ගැන්විලා යුද්ධයක් එයිද කියලා..