(දයාසීලි ලියනගේ)
මෙතෙක් කලක් භාණ්ඩාගාරය මගින් ගෙවනු ලැබූ පාසල් ජල බිල මින් ඉදිරියට පාසල විසින්ම ගෙවිය යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලු පාසල් ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත.
මෙම තීරණය නිසා විදුහල්පතිවරු දැඩි අසීරුතාවකට පත්වී සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කීය.
මෙම ජල බිල ගෙවීම නිසා දරුවන්ගෙන් මුදල් එකතු කිරීමට සිදුවන තත්වයක් උදාවන බැවින් වහාම මෙම තීරණය ඉවත් කර ගන්නා ලෙසට රජයට දැනුම් දී ඇතැයිද ජෝශප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ තවත් සැලැස්මක්...
හිතුවද විදුහල්පතිලා තමන්ගේ පඩියෙන් ගෙවයි කියලා. එක වචනයයි කියන්නේ... වතුර කපලා. ගෙදරින් ගේන්න. ටොයිලට් වහලා... ගෙදර ගිහිල්ලා ඒකත් කරගන්න...
දැන් එතකොට ළමයි අත හෝදන්න ඕනේ නැද්ද?
පාසල් දරුවන්ට ඔවුන්ගේ මූලිකම අවශ්‍යතාවයක් වන වතුර පොදවත් සපයන්න බැරි හරිම කාලකණ්ණි රජයක්...